පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2025-08-19
අසන ලද්දේ
ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.
අමාත්‍යාංශය
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i)
|
වර්ෂය |
නිෂ්පාදන ප්‍රමාණය (කිලෝග්‍රෑම් මිලියන) |
අපනයන ආදායම (රුපියල් මිලියන) |
අපනයන ආදායම (ඇ.ඩො.මි.) |
|
2015 |
329 |
182,046 |
1,340 |
|
2016 |
293 |
184,778 |
1,269 |
|
2017 |
308 |
233,338 |
1,530 |
|
2018 |
304 |
231,750 |
1,428 |
|
2019 |
300 |
240,637 |
1,346 |
|
2020 |
279 |
230,170 |
1,241 |
|
2021 |
299 |
263,353 |
1,324 |
|
2022 |
252 |
411,055 |
1,259 |
|
2023 |
256 |
428,292 |
1,310 |
|
2024 |
263 |
433,473 |
1,436 |
(ii)
|
වර්ෂය |
ජාත්‍යන්තර වෙළෙඳ පොළ තුළ ශ්‍රී ලාංකීය තේ අපනයනයට හිමි ස්ථානය |
|
2015 |
3 |
|
2016 |
3 |
|
2017 |
3 |
|
2018 |
3 |
|
2019 |
3 |
|
2020 |
3 |
|
2021 |
3 |
|
2022 |
3 |
|
2023 |
3 |
|
2024 |
4 |
(iii)
* ශ්‍රී ලංකාවේ ජාතික වැවිලි ප්‍රතිපත්තිය සකස් කිරීම.
ශ්‍රී ලංකාවේ ජාතික වැවිලි ප්‍රතිපත්තිය කෙටුම්පත් කර මේ වන විට ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති අතර, ඒ අනුව ප්‍රධාන වශයෙන් නවීන කෘෂිකාර්මික පිළිවෙත්, පර්යේෂණ, සංවර්ධනය සහ තාක්ෂණික දියුණුව තුළින් ඵලදායිතාව සහ ගුණාත්මකභාවය ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමු කර, එමඟින් තේ ක්ෂේත්‍රයේ නිෂ්පාදනය හා ඵලදායිතාව ඉහළ නැංවීම අපේක්ෂා කෙරේ.
මෙම ප්‍රතිපත්තිය මඟින් දළ දේශීය නිෂ්පාදිතයට වැඩි දායකත්වයක් ලබා දීම සහ වැවිලි ක්ෂේත්‍රයේ තිරසර, වගකිව යුතු කළමනාකරණය තුළින් පරිසරය සහ ඒ හා සම්බන්ධ ප්‍රජාවන් ආරක්ෂා කරමින් ජාතික ආර්ථික වර්ධනයක් සහතික කරන අතර, ශ්‍රී ලංකාවේ ජාතික වැවිලි ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට සකසන ලද උපායමාර්ගික තේමාවන් 08ක් යටතේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා කටයුතු කරනු ලැබේ.
ඒවා පහත පරිදි වේ.
01. භෝග නිෂ්පාදනය සහ සම්පත් කළමනාකරණය.
02. පර්යේෂණ සහ සංවර්ධනය.
03. අගයදාම සංවර්ධනය සහ අගය එකතු කිරීම.
04. අළෙවිකරණය, වෙළෙඳාම සහ ව්‍යවසායකත්ව සංවර්ධනය.
05. දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දීමේ හැකියාව සහ අවදානම් අවම කිරීම.
06. පාර්ශ්වකරුවන් සවිබලගැන්වීම.
07. වෘත්තීයමය සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණය.
08. ප්‍රතිපත්ති සහ පාලනය.
* 2025-2029 උපායමාර්ගික සැලැස්ම සකස් කිරීම.
තවද මේ වන විට සකස් කර ඇති 2025-2029 උපායමාර්ගික සැලැස්ම අනුව 2029 වර්ෂය වන විට තේ නිෂ්පාදනය කිලෝ මිලියන 400ක් දක්වා වැඩි කිරීම හා ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5ක ආදායමක් උපයා ගැනීම සඳහා සැලසුම් කර ඇත.
ඒ අනුව, ශ්‍රී ලංකා තේ මණ්ඩලය, කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය, තේ පර්යේෂණ ආයතනය හා ජාතික වැවිලි කළමනාකරණ ආයතනය මඟින් තේ කර්මාන්තයේ තිරසර පැවැත්ම සහ නිෂ්පාදනය ඵලදායීතාව ඉහළ නැංවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති සහ වැඩසටහන් පහත පරිදි වේ.
01. තේ නිෂ්පාදනය වැඩි කිරීම සඳහා ආදර්ශ ගම්මාන 500 වැඩසටහන ක්‍රියාත්මක කිරීම.
02. තේ නිෂ්පාදන විවිධාංගීකරණය හා නව වෙළෙඳ පොළ අවස්ථා ගවේෂණය කර තේ නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම.
03. උසස් තේ වර්ග නිෂ්පාදනය හා ජාත්‍යන්තර ඉල්ලුම් ඇති තේ වර්ග නිෂ්පාදනය සඳහා සිදු කරනු ලබන පර්යේෂණ ලෙස එම තේ වර්ග සඳහා සුදුසු තේ ප්‍රභේද නිපදවීම, නිෂ්පාදනය කිරීමේදී නිසි හා ආරක්ෂිත ක්‍රමවේද හඳුන්වා දීම, එවැනි නිෂ්පාදනවල ක්ෂුද්‍රජීවී ගහනය අවම කර ගැනීමට පර්යේෂණ සිදු කිරීම හා ඒ සඳහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර පිළිබඳව පර්යේෂණ සිදු කිරීම.
04. තේ පර්යේෂණ ආයතනයේ ව්‍යාප්ති සේවය මඟින් දැනුම පුහුණුව ලබා දීම, වගාකරුවන්ගේ ක්ෂේත්‍ර ගැටලු හඳුනාගෙන ඒ සඳහා විසඳුම් ඉදිරිපත් කිරීම, විශ්ලේෂණ සේවාවන් සහන ලෙස ලබා දීම සහ නව ප්‍රභේදවල රෝපණ ද්‍රව්‍ය ලබා දීම.
05. ඍජු තේ වගා සහනාධාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම.
06. යාන්ත්‍රීකරණය අරමුණු කර ගනිමින් තේ නැවත වගා කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
07. ගුණාත්මයෙන් යුතු පැළ නිෂ්පාදනය කිරීම සඳහා පැළ තවාන් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම.
08. දේශගුණික විපර්යාස හේතුවෙන් ඇතිවන තත්ත්වයන්ට මුහුණ දීම සඳහා ක්ෂුද්‍ර ජල සම්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම.
09. දේශගුණික විපර්යාස හේතුවෙන් තේ වගාවට සිදු වන හානිය වළක්වා ගැනීම සඳහා මිටි සෙවණ සහ උස් සෙවණ ස්ථාපිත කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
10. තේ වතු හිමියන් සඳහා පොහොර සහානාධාර වැඩසටහන ක්‍රියාත්මක කිරීම.
11. සුහුරු දලු නෙළන කණ්ඩායම් සහ කුලියට උපකරණ ලබා දීමේ මධ්‍යස්ථාන පිහිටුවීම.
12. දලු ප්‍රවාහනය සඳහා කර්මාන්තශාලා හා අමු තේ දලු වෙළෙඳුන් සඳහා ප්ලාස්ටික් කූඩ හා නයිලෝන් බෑග් මිලදී ගැනීම සඳහා සහනාධාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම.
13. තේ කර්මාන්තශාලාවල නවීන යන්ත්‍ර සූත්‍ර සවිකර තේ නිෂ්පාදනයේ ගුණාත්මක බව වැඩි කරලීම සඳහා තේ කර්මාන්තශාලා නවීකරණය සඳහා ලබා දෙනු ලබන පහසුකම් සහ දිරි ගැන්වීම.
14. ව්‍යාප්ති නිලධාරින් පුහුණු කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම.
15. තේ අගයදාම කළමනාකරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම.
16. කුඩා තේ ගොවි සංවිධාන ප්‍රතිසංවිධානය හා ඒවා වාණිජකරණය කිරීම.
17. තේ පර්යේෂණ ආයතනය හා ශ්‍රී ලංකා තේ මණ්ඩලය මඟින් නිමි තේවල ගුණත්වය අධීක්ෂණය කිරීම.
18. දලු ප්‍රමිතිය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහන් සහ සහනාධාර ලබා දීම සිදු කිරීම.
19. තේ නව වගා, නැවත වගා සහ පාළු සිටුවීම, සහනාධාර ක්‍රම ක්‍රියාත්මක කිරීම සහ ක්ෂේත්‍රයේ යහපත් කෘෂිකාර්මික පිළිවෙත් භාවිතය ප්‍රවර්ධනය කිරීම.
20. නිෂ්පාදනයේ ගුණාත්මය වැඩි කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා දීම. (උදා - තත්ත්ව සහතික ලබා ගැනීම.)
21. නිෂ්පාදන පිරිවැය අඩු කිරීම සඳහා විකල්ප බලශක්ති පද්ධතීන් ස්ථාපනය කිරීම.
22. කම්හල් තුළ යහපත් නිෂ්පාදන ක්‍රමවේද සහ ඇගැයීමේ ක්‍රමවේද ක්‍රියාත්මක කිරීම. (GMP)
23. නව තාක්ෂණයන් හඳුන්වා දීම.
24. අගය එකතු කරන ලද තේ සහ විශේෂිත තේ නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීමට කටයුතු කිරීම.
25. දත්ත මත පදනම්ව තීරණ ගැනීම උදෙසා තේ අගයදාමය ආවරණය වන පරිදි දත්ත පද්ධතියක් ස්ථාපිත කිරීම.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-08-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කේ.වී. සමන්ත විද්‍යාරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks