පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
15/2024
ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා,— වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2015 වර්ෂයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ සමස්ත තේ නිෂ්පාදනයට කුඩා තේ වතු හිමියන් ලබා දුන් දායකත්වය ප්‍රතිශතයක් ලෙස එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) මේ වනවිට මුළු කුඩා තේ වතු හිමියන් සංඛ්‍යාව කොපමණද;
(iii) කුඩා තේ වතු හිමියන් සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන රාජ්‍ය ආයතන සංඛ්‍යාව කොපමණද;
(iv) ඒවායේ නම් කවරේද;
(v) කුඩා තේ වතු හිමියන්ගේ ජීවන මට්ටම උසස් කිරීම වෙනුවෙන් ඉහත සඳහන් එක් එක් ආයතනය විසින් සිදු කරනු ලබන කාර්යභාරය වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-07-25
අසන ලද්දේ
ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.
අමාත්‍යාංශය
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i)
|
වර්ෂය |
සමස්ත නිෂ්පාදනය (නිමි තේ කිලෝග්‍රෑම් මිලියන) |
කුඩා තේ වතු අංශයේ නිෂ්පාදනය (නිමි තේ කිලෝග්‍රෑම් මිලියන) |
කුඩා තේ වතු අංශයේ දායකත්වය (සමස්ත තේ නිෂ්පාදනයෙන් ප්‍රතිශතයක් ලෙස) |
|
2015 |
328.96 |
239.86 |
72.91 |
|
2016 |
292.57 |
218.07 |
74.54 |
|
2017 |
307.72 |
232.417 |
75.53 |
|
2018 |
303.944 |
228.049 |
75.03 |
|
2019 |
300.133 |
225.728 |
75.21 |
|
2020 |
278.489 |
205.666 |
73.85 |
|
2021 |
299.338 |
223.197 |
74.56 |
|
2022 |
251.499 |
189.734 |
75.44 |
|
2023 |
256.088 |
190.66 |
74.45 |
|
2024 |
262.15 |
197.15 |
75.21 |
(ii) අපේ ගණනයට අනුව 2024.12.31 දිනට කුඩා තේ වතු හිමියන් සංඛ්‍යාව 418,989කි.
(iii) 05කි.
(iv) 01. වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය
02. කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය
03. ශ්‍රී ලංකා තේ මණ්ඩලය
04. ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනය
05. ජාතික වැවිලි කළමනාකරණ ආයතනය
ගරු මන්ත්‍රීතුමා, ප්‍රශ්නයේ (v) වන කොටසට ටිකක් දීර්ඝ පිළිතුරක් තිබෙන්නේ. ඒ නිසා එම පිළිතුර සභාගත කරන්නද?
(v) කුඩා තේ වතු අංශයේ, කුඩා තේ වතු හිමියන් (අක්කර 10ට අඩු) සහ මධ්‍යම ප්‍රමාණයේ තේ වතු හිමියන් (අක්කර 10ට වැඩි) ලෙස ප්‍රධාන කණ්ඩායම් 2ක් ඇත. ඒ අනුව,
01. වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය
කුඩා හා මධ්‍ය පරිමාණ තේ වතු හිමියන්ගේ කෙටිකාලීන හා දිගුකාලීන මූල්‍ය අවශ්‍යතා සපුරාලීම සහ ජංගම යෙදවුම් (Mobile Applications) 2ක් සකස්කිරීම.
02. කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය
පෞද්ගලික (කුඩා තේ වතු) අංශයේ කළමනාකාරීත්වය යටතේ පවත්නා ඉඩම් සංවර්ධනය කිරීම සඳහා පහත සඳහන් ආධාර ක්‍රමයන් ක්‍රියාත්මක කිරීම.
- ගොවි පුහුණු වැඩසටහන්.
- ඒක පුද්ගල ව්‍යාප්ති සේවාව.
- pH පරීක්ෂාව.
- වගා ආදර්ශන පවත්වා ගෙන යාම.
- පිවිතුරු තේ දළු ක්‍රියාන්විතය සමිති මට්ටමින් හා කම්හල් පාදකව ක්‍රියාත්මක කිරීම.
- පුද්ගලික අංශ සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මක කරන වැඩසටහන්.
- තාක්ෂණික දැනුම බෙදා හැරීමට අදාළව අත්පත්‍රිකා හා අත් පොත් ලබා දීම.
- සමාජ මාධ්‍ය මඟින් තේ වගාව පිළිබඳ දැනුම බෙදා හැරීම.
03. ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනය
තේ පර්යේෂණ ආයතනය නිර්දේශ කරන කෘෂි පිළිවෙත් සහ නව තාක්ෂණය පිළිබඳ දැනුම ලබා දීම සඳහා චක්‍රලේඛ හා මාර්ගෝපදේශ සහ ප්‍රකාශන කුඩා තේ වතු හිමියන්ට ලබා දීම.
04. ශ්‍රී ලංකා තේ මණ්ඩලය
05. ජාතික වැවිලි කළමනාකරණ ආයතනය
තේ අස්වැන්න ඉහළ නැංවීමේ අරමුණින් තේ වගාව සම්බන්ධව තාක්ෂණික දැනුම ලබාදීම.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-09-10
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කේ.වී. සමන්ත විද්‍යාරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks