01

E   |     |  

 දිනය: 2025-04-25   පිළිතුර ලබා දී ඇත 

0012/2025: විශේෂ ආර්ථික මධ්‍යස්ථාන: විස්තර

----

අසන ලද දිනය

2025-04-25

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)         (i)       18කි.

              (ii)     

 

අනු අංක

විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ නම

ලිපිනය

01

නාරාහේන්පිට

අංක 44, කිරිමණ්ඩල මාවත, නාරාහේන්පිට, කොළඹ 05.

02

පිළියන්දල

විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය, පිළියන්දල, බෝකුන්දර.

03

මීගොඩ

විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය, පාදුක්ක පාර, මීගොඩ.

04

රත්මලාන

විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය,

එස්. වීරසේනද සිල්වා මාවත, රත්මලාන.

05

වැලිසර

විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය, වැලිසර.

06

වේයන්ගොඩ

විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය, වේයන්ගොඩ.

07

දඹුල්ල

විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය, දඹුල්ල.

08

තඹුත්තේගම

විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය, තඹුත්තේගම.

09

ඇඹිලිපිටිය

විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය, නව නගරය, ඇඹිලිපිටිය.

10

නුවරඑළිය

විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය, උඩුපුස්සැල්ලාව පාර, නුවරඑළිය.

11

කැප්පෙටිපොල

විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය,

නුවරඑළිය පාර, කැප්පෙටිපොල.

12

කන්දහන්දිය

විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය, කන්දහන්දිය, උණුවින්න.

13

කුරුඳුවත්ත

විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය, කුරුඳුවත්ත.

14

අම්පාර

විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය, අම්පාර.

15

යාපනය

විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය, මඩුවිල් උතුර, චාවකච්චේරි.

16

කිලිනොච්චි

විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය, කිලිනොච්චි.

17

වවුනියාව

විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය, මදවුවායතකුලම්, වවුනියාව.

18

මඩකලපුව

විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය, කළුදාවල, මඩකලපුව.

 

(iii)       ·      ගම්බද ප්‍රදේශවල නිෂ්පාදකයින්ට අ‍ළෙවි පහසුකම් සැපයීම, පාරිභෝගික ජනතාවට දැරිය හැකි මිලකට හා පහසුවෙන් භාණ්ඩ හා ආහාර ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා දීප ව්‍යාප්ත බෙදාහැරීමේ ජාලයක් ස්ථාපනය කිරීම.

  • ප්‍රාදේශීය වශයෙන් නිපදවන කෘෂි හා වෙනත් නිෂ්පාදනවල ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම.
  • · කාර්යක්ෂම හා තරගකාරී වෙළෙඳපොළ යාන්ත්‍රිකරණයට අනුබල දෙමින් අතරමැදියන්ගේ බලපෑම් අවම කරමින් සාධාරණ වෙළෙඳාම ප්‍රවර්ධනය.
  • · ප්‍රාදේශීය වශයෙන් විශේෂිත නිෂ්පාදන රට තුළ පුළුල් බෙදා හැරීමකට අවකාශය සැලසීම.
  • · භාණ්ඩ හිඟතාවන් හා අතිරික්තයන් පාලිත තත්ත්වයට ගෙන ඒම තුළින් භාණ්ඩ මිල ඉහළ යෑම වැළැක්වීම.
  • · කුඩා හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන්ගේ ප්‍රවාහන වියදම් හා නිෂ්පාදන නාස්ති වීම පාලනය සඳහා වූ ක්‍රියාමාර්ග හඳුන්වා දීම.

(iv) විශේෂිත ආර්ථික මධ්‍යස්ථානවල දැනට පවතින අඩුපාඩු හා දුර්වලතා හඳුනා ගෙන ඇති අතර, එහෙයින් එම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානවල එම දුර්වලතා, අඩුපාඩු මඟ හරවා ගැනීම මෙන්ම විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන සඳහා ව්‍යාපාරික ක්‍රියාකාරකම් සාර්ථකව හා තිරසාරව, මධ්‍යගත, නෛතික වගවීම සහිත ආයතනික සැකැස්මක් ස්ථාපනය සුදුසු බව හඳුනාගෙන ඇත.

ඒ අනුව, ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණය හා විධිමත් කිරීම සම්බන්ධව අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් මේ වන විටත් ඉදිරිපත් කර ඇති අතර, ඊට  අනුමැතිය ලැබී ඇති බවත්, ඒ අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් දැනුම් දෙමි.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2025-06-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු වසන්ත සමරසිංහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks