පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
10/2024
ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ ඇති ජාතික පාසල් සංඛ්‍යාව කොපමණද;
(ii) එම පාසල්වල නම් කවරේද;
(iii) ඉහත ජාතික පාසල් අතරින් නියමිත සුදුසුකම් සපුරා ඇති විදුහල්පතිවරුන් පත් කර ඇති ජාතික පාසල් සහ එසේ නොමැති ජාතික පාසල් වෙන් වෙන් වශයෙන් කවරේද;
(iv) මෙවැනි තත්ත්වයක් තුළ ජාතික පාසල් සංඛ්‍යාව ඉහළ දැමූවද නියමිත සුදුසුකම් සපුරා ඇති විදුහල්පතිවරුන් නොමැතිවීමේ ගැටලුව විසඳීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-04-10
අසන ලද්දේ
ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ශ්‍රී ලංකාවේ ඇති ජාතික පාසල් සංඛ්‍යාව 396කි.
(ii) එම පාසල්වල නම් ඇමුණුම මඟින් ඉදිරිපත් කර ඇත. දිගු ලැයිස්තුවක් තිබෙන්නේ. එම ඇමුණුම මා සභාගත* කරනවා.
(iii)
|
විදුහල්පති තනතුර අනුමත සේවය හා ශ්‍රේණිය |
ඉහත ජාතික පාසල් අතරින් නියමිත සුදුසුකම් සපුරා ඇති විදුහල්පතිවරුන් පත් කර ඇති පාසල් ගණන |
ඉහත ජාතික පාසල් අතරින් නියමිත සුදුසුකම් සපුරා ඇති විදුහල්පතිවරුන් පත් කර නොමැති පාසල් ගණන |
|
ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය I ශ්‍රේණිය |
91 |
46 |
|
ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය II/III ශ්‍රේණිය |
22 |
25 |
|
ශ්‍රී ලංකා විදුහල්පති සේවය I ශ්‍රේණිය |
124 |
88 |
|
එකතුව |
237 |
159 |
(iv) ජාතික පාසල් විදුහල්පති තනතුරුවල පුරප්පාඩු සම්පූර්ණ නොවීමට හේතුව, නියමිත සුදුසුකම් සහිත නිලධාරින් සිටියද, විදුහල්පති තනතුරේ පවතින වගකීම් හා රාජකාරි හේතුවෙන් ඒ සඳහා අයදුම් කිරීමේ අඩු ප්‍රවණතාවක් පෙන්වීමයි. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය I ශ්‍රේණියේ නිලධාරින් විදුහල්පති ධුරය දැරිය යුතු ඇතැම් පාසල් සඳහා එම ශ්‍රේණියේ නිලධාරින් අයදුම්පත් යොමු නොකරන තත්ත්වයක් පසුගිය කාලය තුළ පවත්වන ලද සම්මුඛ පරීක්ෂණ අනුව නිරීක්ෂණය වූ බැවින්, මින් ඉදිරියට ජාතික පාසල්වල විදුහල්පති පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා අයදුම්පත් කැඳවීමේදී ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය I ශ්‍රේණියේ හෝ එම ශ්‍රේණියේ නිලධාරින් අයදුම් කර නොමැති නම් II ශ්‍රේණියේ නිලධාරින්ට ද අයදුම් කිරීමට හැකි වන පරිදි රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුව සමඟ සාකච්ඡා කර විදුහල්පති තනතුරුවලට පත් කිරීමේ ක්‍රමවේදය සංශෝධනය කිරීමට කටයුතු කරනු ලැබේ.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-04-10
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) මධුර සෙනෙවිරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks