පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
7/2024
ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා,— විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) රුහුණු සංචාරක කාර්යාංශය විසින් මදුනාගල සංචාරක ව්‍යාපෘතිය ආරම්භ කර තිබෙන බව දන්නේද;
(ii) එමඟින් මදුනාගල උණු දිය උල්පත් යොදා ගෙන හද සම්භාහනය (හෘද පුනර්ජීවනය) කිරීමේ මධ්‍යස්ථානයක් සඳහා ඉදිකරන ලද ගොඩනැගිල්ල සඳහා වැය කරන ලද මුදල කොපමණද;
(iii) එම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු මේ වනතෙක් අවසන් කර නොමැති බැවින් එම ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) එම ව්‍යාපෘතිය යටතේ මදුනාගල සංචාරක කලාපයේ ඉදිකරන ලද ආපනශාලාව, විවේකාගාරය සහ භෝජනාගාරය වෙනුවෙන් වැය කරන ලද මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) විශාල මුදලක් වැය කර ඉදිකරන ලද සංචාරක බංගලාවේ ඇති විදුලි ජනක යන්ත්‍ර ක්‍රියා විරහිත වී ඇති අතර එහි වහල අබලන් වී ඇති බව දන්නේද;
(iii) එහි ඉදිකරන ලද ගැමි කඩමණ්ඩිය සඳහා වැය කරන ලද මුදල කොපමණද;
(iv) මේ වනවිට එම කඩමණ්ඩිය නටඹුන් වී ඇති බව දන්නේද;
(v) එම ව්‍යාපෘතිය නැවත ක්‍රියාත්මක කිරීම සඳහා ගනු ලබන පියවර කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-03-05
අසන ලද්දේ
ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) රු. 2,128,373.01යි.
එතැන හෘද සම්භාහන මධ්‍යස්ථානයක් ඉදි කර නැහැ. පාද සම්භාහන මධ්‍යස්ථානයක් තමයි ඉදි කරලා තිබෙන්නේ.
(iii) 2025 වසරේදී එම ගොඩනැඟිල්ලට විදුලි සම්බන්ධතාව ලබාගෙන කොටස් දෙකකට බෙදා වෙන් කිරීම ඇතුළුව ඇස්තමේන්තු සකස්කොට නිම කිරීමටත්, එහි එක් කොටසක රුහුණු සංචාරක කාර්යාංශයේ සමරු සිහිවටන හා පොත් අළෙවි මධ්‍යස්ථානයක් ඇති කිරීමටද, අනෙක් කොටසේ සංචාරක ක්‍රියාකාරකමක් ලෙස සමරු ඡායාරූපකරණය සඳහා අවස්ථාව සලසාලමින් මේ වන විටත් උණුදිය උල්පත් පැරණි කෞතුකාගාරය පරිශ්‍රයේ සිදු කරන මැකෝ ගිරවා සමඟ සංචාරක ඡායාරූපකරණ වැඩසටහන සඳහා ලබා දෙමින් මෙම ගොඩනැඟිල්ල ඵලදායී කාර්යන් සඳහා භාවිත කිරීමට අපේක්ෂිතයි.
(ආ) (i) ආපනශාලාව හා විවේකාගාරය සඳහා පිරිවැය - රුපියල් 5,582,246.77කි.
භෝජනාගාරය සඳහා පිරිවැය - රුපියල් 29,569,814.34
(ii) මදුනාගල සංචාරක බංගලාවේ විදුලි ජනක යන්ත්‍ර 03ක් පැවති අතර, ඉන් විදුලි ජනක යන්ත්‍ර 02ක් මාතර කලාප අධ්‍යාපන කාර්යාලයේ ඉල්ලීම මත එම ආයතනයේ ප්‍රයෝජනය සඳහා 2022.02.25 දින මාතර කලාප අධ්‍යාපන කාර්යාලය වෙත භාර දී ඇත. ඉතිරි විදුලි ජනක යන්ත්‍රය මදුනාගල භෝජනාගාරය තුළ ස්ථාපනය කර ඇත. එම විදුලි ජනක යන්ත්‍රය ක්‍රියාත්මක තත්ත්වයේ පවතී. මදුනාගල සංචාරක බංගලාවේ වහල නිරන්තරයෙන් වඳුරන් පැනීම හේතුවෙන් පිළිසකර කිරීමේ අවශ්‍යතාව ඇති වන අතර, ඒ සඳහා පිළියම් යෙදීම අවශ්‍යතාව අනුව ඉටු කෙරේ.
(iii) 2007 වර්ෂය - රුපියල් 1,471,215.00යි.
(iv) ඔව්.
(v) මේ ස්ථානය සංචාරක ආකර්ෂණයක් ඇති ස්ථානයක් ලෙස පවත්වා ගෙන යෑම සඳහා මාර්ගය පිළිසකර කිරීම, අලංකරණය, විදුලිය ලබා ගැනීම වැනි කටයුතු අවසාන කළ යුතුව තිබෙනවා. ඒ සඳහා 2025 වසර සඳහා රුපියල් මිලියන 42ක් වෙන් කර ස්ථානය පවත්වා ගෙන යෑම සඳහා කටයුතු සිදු කරනවා.
ගරු කථානායකතුමනි, මෙම ප්‍රශ්නයට අදාළ සවිස්තරාත්මක පිළිතුර මම සභාගත* කරනවා. ප්‍රශ්නයේ (ඇ) කොටසට අදාළ පිළිතුර ද එහි සඳහන් වෙනවා.
පිළිතුරු දුන් දිනය
2025-03-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (මහාචාර්ය) රුවන් රණසිංහ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks