පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
6/2024
ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා,— මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) පාස්කු ඉරු දින ප්‍රහාරයට පෙර මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිම කඩා දැමීමේ සිද්ධිය වාර්තා වූ දිනය කවරේද;
(ii) ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයන්ගේ නම් හා ලිපිනයන් වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) ඔවුන්ට එරෙහිව ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ඉහත (අ)(i)හි සඳහන් සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වූ ආරක්ෂක නිලධාරින්ගේ නම් කවරේද;
(ii) පරික්ෂණ කටයුතු සිදු කරගෙන යෑමේදී එම ආරක්ෂක නිලධාරින්ට බලපෑම් එල්ල කරනු ලැබූ එවකට ආණ්ඩුකාරවරු සහ ආණ්ඩුවේ ප්‍රබල පුද්ගලයන්ගේ නම් වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) ඉහත සිද්ධියට අදාළ පරික්ෂණවල වර්තමාන ප්‍රගතිය කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-01-24
අසන ලද්දේ
ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.
අමාත්‍යාංශය
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 2018.12.23
(ii) මෙම සිද්ධිය, ජාතික ආරක්ෂාව සම්බන්ධ ඉතා සංවේදී කරුණක් වන පාස්කු ඉරිදා ප්‍රහාරය හා බැඳී පවතින බැවින් හා එහි විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වන නිසා සැකකරුවන්ගේ නම් සහ ලිපිනයන් මෙම අවස්ථාවේදී ඉදිරිපත් කිරීම සුදුසු නැත.
(iii) · සැකකරුවන් 06ක් සඳහා කෑගල්ල මහාධිකරණයේ නඩු පවරා වරද පිළිගැනීම නිසා එක් චෝදනාවකට මාස 03 බැගින් සිර දඬුවම් හා රු.10,000.00ක දඩ නියම කර එය වසර 07ට අත්හිටුවා ඇති අතර, නඩු කටයුතු අවසන් කර ඇත.
(ආ) (i) මෙම සිද්ධිය, ජාතික ආරක්ෂාව සම්බන්ධ ඉතා සංවේදී කරුණක් වන පාස්කු ඉරිදා ප්‍රහාරය හා බැඳී පවතින බැවින් හා එහි විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වන නිසා සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ විමර්ශන නිලධාරින්ගේ නම් මෙම අවස්ථාවේදී ඉදිරිපත් කිරීම සුදුසු නැත.
(ii) වාර්තා වී නැත.
(iii) අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් සඳහා ප්‍රශ්න අංක (අ) (iii)හි පිළිතුරු පරිදි පියවර ගෙන ඇත. කොළඹ මහාධිකරණයේ නඩු පවරා ඇති සැකකරුවන්ට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ හා ලංකා දණ්ඩ නීති සංග්‍රහ පනතේ අධිචෝදනා 23230ක් යටතේ නඩු පවරා, නඩු දිනය 2025.02.13 දින යෙදී තිබුණු අතර ඉදිරි නඩු දිනය 2025.03.12 වේ. පුත්තලම මහාධිකරණයේ නඩු පවරා ඇති සැකකරුවන්ට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අධිචෝදනා 14ක් යටතේ නඩු පවරා නඩුව විභාග වන අතර ඉදිරි නඩු දිනය 2025.03.18 වේ.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2025-02-25
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ආනන්ද විජේපාල මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks