01

E   |     |  

 දිනය: 2025-01-22   පිළිතුර ලබා දී ඇත 

0005/2025: ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ වනඅලි රැඳවුම් මධ්‍යස්ථාන ව්‍යාපෘතිය: විස්තර

5/2024

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා,— පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)         (i)      ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය තුළ වන අලි රැඳවුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන ලද බව දන්නේද;

            (ii)      එම ව්‍යාපෘතිය සඳහා මේ වනතෙක් වැය කර ඇති මුදල කොපමණද;

(iii) එම ව්‍යාපෘතිය සඳහා අරමුදල් සපයා ගන්නා ලද මූලාශ්‍ර කවරේද;

(iv) මේ වනවිට එම ව්‍යාපෘතිය අසාර්ථක වී ඇති බවට චෝදනා එල්ල වී ඇති බව දන්නේද;

(v) එසේ නම්, ඒ සම්බන්ධයෙන් ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-01-22

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

පරිසර

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

              (ii)      රුපියල් මිලියන 431.8කි.

අනු අංකය

කාරණය

මුදල (රුපියල්)

01

වැව් 20ක් ඉදිකිරීම සඳහා වියදම

143,939,710.11

02

ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානයේ අලි රැඳවුම් මධ්‍යස්ථානයේ අභ්‍යන්තර මාර්ග (40 km) වියදම

23,324,724.00

03

අභ්‍යන්තර මාර්ගයන්හි සපත්තු පාලම් ඉදිකිරීම සඳහා වියදම

17,709,849.90

04

අලි රැඳවුම් මධ්‍යස්ථානයේ සේවා මාර්ග (30 km) ඉදිකිරීමේ වියදම

17,709,849.90

05

සේවා මාර්ගයේ සපත්තු පාලම් ඉදිකිරීමේ වියදම

55,010,955.33

06

මාර්ග දෙපස හෙක්ටෙයාර 400ක යටි කැලය හා ආක්‍රමණශීලි ශාක ඉවත් කිරීමේ වියදම

21,680,506.00

07

අලි රැඳවුම් මධ්‍යස්ථානය වටා අගලක් ඉදිකිරීමේ වියදම

136,700,573.21

08

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ඉවත් කරන ලද රේල්පීලි කැබලි 4,333ක් දුම්රිය මඟින් ප්‍රවාහනය කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව වෙත ලබා දුන් මුදල

15,815,699.40

 

මුළු එකතුව

431,891,867.85

             (iii)      ලෝක බැංකුවේ මූල්‍ය පහසුකම් යටතේ ක්‍රියාත්මක කළ පරිසර පද්ධති සංරක්ෂණ හා කළමනාකරණ ව්‍යාපෘතියේ ප්‍රතිපාදනවලින් සහ වන සත්ව සංරක්ෂණ අරමුදලින්.

                        ලෝක බැංකුවෙන් රුපියල් මිලියන 279.3ක් සහ වන සත්ව සංරක්ෂණ අරමුදලින් රුපියල් මිලියන 152.5ක් වෙන් කරලා තිබෙනවා.

(iv) චෝදනා එල්ල වී ඇති බව දනී.

(v) ඔව්.

මෙම ව්‍යාපෘතිය සම්බන්ධව අමාත්‍යාංශ මට්ටමින් මූලික කරුණු සොයා බැලීමක් කර, ඒ මඟින් අනාවරණය වන තොරතුරු අනුව ඉදිරි පියවර ගැනේ.

(ආ)   අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2025-01-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) දම්මික පටබැඳි මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks