පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4/2024
ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා,— රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ මේ වනවිට ඇති අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු මුළු රජයේ ආයතන සංඛ්‍යාව කොපමණද;
(ii) එම එක් එක් ආයතනයේ ආරක්ෂක සේවා සපයනු ලබන ආරක්ෂක සමාගම්වල නම් කවරේද;
(iii) ඒ අතරින් රජයේ සමාගම් සංඛ්‍යාව හා ඒවායේ නම් කවරේද;
(iv) 2015 වර්ෂයේ සිට මේ දක්වා ඉහත සඳහන් එක් එක් රජයේ ආයතනවල ආරක්ෂක සේවා සැපයීම වෙනුවෙන් පෞද්ගලික ආරක්ෂක සේවා සමාගම්වලට ගෙවන ලද මුදල එක් එක් සමාගම අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) රජයේ ආයතනවලට ආරක්ෂාව සැපයීමට අදාළ කොන්ත්‍රාත් ලබා ගැනීමේදී වංචනික ක්‍රියා සිදු වන බව දන්නේද;
(ii) එසේ නම්, රජයේ ආයතනවලට ආරක්ෂක සේවා සැපයීම, රජය සතු ආරක්ෂක සමාගම්වලට ලබා දීමට ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-01-10
අසන ලද්දේ
ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) අංක 2412/08 හා 2024 නොවැම්බර් මස 25 වැනි සඳුදා දින නිකුත් කර ඇති අති විශේෂ ගැසට් පත්‍රය අනුව,
අමාත්‍යාංශ - 24
දෙපාර්තමේන්තු - 87
ව්‍යවස්ථාපිත මණ්ඩල - 376
(ii) 2015 සිට 2024 දක්වා කාලය තුළ අමාත්‍යාංශ වරින් වර වෙනස් වීම හේතුකොටගෙන පිළිතුරු ගොනු කිරීමේ අපහසුතා බොහෝ ආයතනයන්ට පැන නැඟී ඇති බැවින් පිළිතුරු ලබා දීම සඳහා කල් ලබා දෙන ලෙස ඉල්ලීම් කර ඇති බවත් දන්වා සිටින අතර දැනට ලැබී ඇති පිළිතුරු පහත පරිදි ඉදිරිපත් කරමි.
1. වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය - ඇමුණුම 01
2. නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය - ඇමුණුම 02
3. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය - ඇමුණුම 03
4. කම්කරු අමාත්‍යාංශය - ඇමුණුම 04
5. විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය - ඇමුණුම 05
6. බලශක්ති අමාත්‍යාංශය - ඇමුණුම 06
7. වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය - ඇමුණුම 07
8. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය - ඇමුණුම 08
9. සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය - ඇමුණුම 09
10. කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය - ඇමුණුම 10
11. ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශය - ඇමුණුම 11
12. රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය - ඇමුණුම 12
13. ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය - ඇමුණුම 13
14. මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය - ඇමුණුම 14
15. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය - ඇමුණුම 15
16. අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය - ඇමුණුම 16
17. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය - ඇමුණුම 17
18. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය - ඇමුණුම 18
19. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය - ඇමුණුම 19
20. ආරක්ෂක අමාත්‍යාංශය - ඇමුණුම 20
21. මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය - ඇමුණුම 21
අදාළ පිළිතුරු 1 සිට 21 දක්වා වූ ඇමුණුම්වල ඇතුළත් කර තිබෙනවා.
(iii) රජයේ සමාගම් සංඛ්‍යාව දෙකකි.
01. සී/ස රක්නා ආරක්ෂක ලංකා සමාගම
02. සී/ස එල්.ආර්.ඩී.සී. සේවා (පෞද්ගලික) සමාගම
ඊට අමතරව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ද ආරක්ෂක සේවාවන් සපයනු ලබයි.
(iv) අදාළ තොරතුරු අංක 1 සිට 21 දක්වා වූ ඇමුණුම්වල ගොනු කර ඇත.
(ආ) (i) අදාළ තොරතුරු අංක 1 සිට 21 දක්වා වූ ඇමුණුම්වල ගොනු කර ඇත.
(ii) අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත මණ්ඩල, රාජ්‍ය බැංකු සහ රජයේ සමාගම්, රාජ්‍ය සංස්ථා සඳහා ආරක්ෂක සේවා ලබා ගැනීමට අදාළව 2010.08.12 දින රාජ්‍ය මුදල් චක්‍රලේඛ 445 එවකට මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිකුත් කර ඇත. එය ඇමුණුම 22 ලෙස ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව, රජය සතු ආරක්ෂක සමාගම්වලින් රජයේ ආයතනවලට ආරක්ෂක සේවා සපයා ගැනීමට හැකියාව ඇත.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-03-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (මහාචාර්ය) ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks