01

E   |     |  

 දිනය: 2024-12-17   පිළිතුර ලබා දී ඇත 

0001/2024: පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන: ලියාපදිංචිය සහ අධීක්ෂණය

----

අසන ලද දිනය

2024-12-17

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

කාන්තා සහ ළමා කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      19,099 (2024.03.31 දිනට)

              (ii)      17,152 (2024.03.31 දිනට - සියලු පළාත්වල පෙර පාසල් ඒකක/අධිකාරි වෙතින් ලබා ගත් තොරතුරු අනුව)

            (iii)      නොහැකිය.

             (iv)      ඔව්.

                        මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික කමිටුවේ අනුමැතිය මත මුල් ළමාවිය සංවර්ධනය           පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය මඟින් මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය සඳහා වූ ජාතික ප්‍රමිති හඳුන්වා දී ඇත. මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයෙන් ප්‍රමිති  සඳහා වන අත්පොතකුත් ලබා දීලා තිබෙනවා. මේ අවස්ථාවේදී මම එම අත්පොත සභාගත* කරනවා.

ක්ෂේත්‍ර 5ක් යටතේ වර්ගීකරණය කර සංඛ්‍යාවෙන් 20ක් වූ සවිස්තරාත්මක ප්‍රමිති එහි ඇතුළත් වන අතර, ඒවා පහත සඳහන් පරිදි සාරාංශ කළ හැකිවේ. 

I. ආරක්ෂාකාරී, පිරිසිදු, පාරිසරික අවදානම්වලින් තොර ස්ථානයක් වීම.

II. ළමුන්ගේ ප්‍රශස්ත සංවර්ධනයට අනුබල ලබාදෙන පරිසරයක් විය යුතු වීම.

III. ආරක්ෂිත මෙන්ම ප්‍රමාණවත් ඉඩ කඩකින් යුත් හා සියලුම ළමයින්ගේ ඉගෙනීමට හා සංවර්ධනයට අවශ්‍ය අංගෝපාංගයන්ගෙන් සමන්විත ගොඩනැඟිල්ලක් පැවතීම.

IV. අභ්‍යන්තර පරිසරය දරුවන්ගේ සංවර්ධන සහ ඉගෙනුම් අවශ්‍යතාවන්ට අනුකූල වීම.

V. ඉගැන්වීමෙහි නිරත කාර්ය මණ්ඩලය අවශ්‍ය වෘත්තීය හා අධ්‍යාපන සුදුසුකම් සපුරා ඇති අය වීම.

VI. අත් උදවුකරුවන්, පිරිසිදු කරන්නන් වැනි සෙසු ප්‍රභේදවලට අයත් කාර්ය මණ්ඩලය විශ්වසනීය හා යහපත් චරිතයකින් යුක්ත වීම.

VII. සෑම ළමයින් 20 දෙනෙකු සඳහාම සුදුසුකම් ලත් එක් ගුරුවරයෙකු හා ඔවුන්ට සහාය වීමට වෙනත් කාර්ය මණ්ඩලයක් සිටිය යුතු වීම.

එක් එක් ක්ෂේත්‍රය සහ ඒ යටතේ සකස් කර ඇති ප්‍රමිති සංඛ්‍යාව පහත පරිදි වේ.

අංකය

ක්ෂේත්‍රය

ප්‍රමිති සංඛ්‍යාව

1

භෞතික පරිසරය

4

2

සෞඛ්‍ය හා රැකවරණ පිළිවෙත්

2

3

කාර්ය මණ්ඩල නිපුණතාව

3

4

ඉගෙනුම් පරිසරය

4

5

සංවිධානය හා කළමනාකරණය

7

 

මුළු එකතුව

20

(ආ) (i) ඔව්.

(ii) දහතුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන ලියාපදිංචිය, කළමනාකරණය හා අධීක්ෂණය පිළිබඳ බලය පැවරී ඇත්තේ පළාත් සභා වෙතය. ඒ අනුව ඒ ඒ පළාත් සභාවට අදාළව ප්‍රඥප්ති අනුමත කරවාගෙන පිහිටුවා ගන්නා ලද පෙර පාසල් අධිකාරි/ඒකක මඟින් මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන ලියාපදිංචිය හා අධීක්ෂණය සිදුකරනු ලබයි.

ඊට අමතරව මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයට අනුයුක්තව දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත මුල් ළමාවිය සංවර්ධන නිලධාරින් විසින්ද පෙර පාසල් සම්බන්ධ අධීක්ෂණ කටයුතු සිදු කරනු ලබයි.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2024-12-17

විසින් පිළිතුරු දෙන ලදී

ගරු සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks