01

E   |     |  

 දිනය: 2024-05-09   පිළිතුර ලබා දී ඇත 

2096/2024: Leased out of Land owned by Land Reform Commission called rotary watta in Dankotuwa

2096/2024

ගරු නිරෝෂන් පෙරේරා මහතා,— සංචාරක හා ඉඩම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       දංකොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ‘රොටරි වත්ත’ යන ඉඩමේ විශාලත්වය කොපමණද;

             (ii)       එම ඉඩම බදු දී තිබේ නම්, එම බදු ගැනුම්කරු, ඔහුව තෝරා ගන්නා ලද ක්‍රමවේදය, ඉහත ඉඩමෙන් බදු දී ඇති භූමි ප්‍රමාණය, අයකර ගනු ලබන බදු මුදල හා බදු කොන්දේසි වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ඉහත ඉඩමෙන් බදු දී නොමැති භූමි ප්‍රමාණය කොපමණද;

(ii) එම භූමි ප්‍රමාණය බදු දීමට හෝ පවරා දීමට සැලසුම් කර තිබේද;

(iii) එසේ නම්, ඒ සඳහා ඉල්ලුම් කර ඇති පුද්ගලයන්/ආයතන/පාර්ශ්ව කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

 (ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2024-05-09

අසන ලද්දේ

ගරු නිරෝෂන් පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

සංචාරක හා ඉඩම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks