01

E   |     |  

 දිනය: 2024-06-07   පිළිතුර ලබා දී ඇත 

2084/2024: සුළු හා මධ්‍ය පරිමාණ සංචාරක ක්ෂේත්‍රය: සංවර්ධනය

----

අසන ලද දිනය

2024-06-07

අසන ලද්දේ

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

සංචාරක හා ඉඩම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)    (i), (ii)

                        ASUIA නමැති ආයතනය විසින් ඩොලර් මිලියන 150ක මෘදු ණයක් සියයට 6.5ක ‍පොලී අනුපාතයක් මත ලබා දීමට යෝජනා කර තිබුණි.

(ආ)     එම ණය මුදල ලබා ගැනීමට කටයුතු නොකරනු ලැබේ.

(ඇ)     එම ප්‍රදානය ඇමෙරිකානු ඩොලර් මිලියන 672ක වගකීමක් ලෙස අදාළ ආයතනයට නැවත ගෙවීමට සිදු වන්නකි. තවද, ශ්‍රී ලංකාවට පැමිණෙන සෑම සංචාරකයෙකුටම ඇමෙරිකානු ඩොලර් 32ක් අනිවාර්ය වෛද්‍ය හා ගමන් රක්ෂණාවරණයන් සඳහා වසර 07ක කාලයක් වෙනුවෙන් ASUIA ආයතනය සමඟ බැඳීමකට යටත් වීමට සිදුව තිබුණි. එම දෙමුහුන් ප්‍රදානය ලබා ගැනීමේදී -ණය ප්‍රමාණය ලබා ගැනීමේදී- මෙරට සංචාරක කර්මාන්තයට අවාසිදායක හා අහිතකර බලපෑම් ඇති වන බව හඳුනා ගන්නා ලද නිසා එම ප්‍රදානය ලබා ගැනීම ක්‍රියාත්මක නොවුණි. 

පිළිතුරු දුන් දිනය

2024-06-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු හරීන් ප්‍රනාන්දු මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks