01

E   |     |  

 දිනය: 2024-05-07   පිළිතුර ලබා දී ඇත 

2081/2024: මත්පැන් නිෂ්පාදනය කරන ආයතන: ගෙවා ඇති බදු

2081/2024

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා,— මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      ශ්‍රී ලංකාවේ මේ වනවිට මත්පැන් නිෂ්පාදනය කරනු ලබන නීත්‍යානුකූල ආයතන සංඛ්‍යාව කොපමණද;

            (ii)      එම එක් එක් ආයතනයේ නම සහ ලිපිනය, හිමිකරුගේ නම සහ ලිපිනය වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) වර්ෂ 2020 සිට මේ දක්වා ඉහත සඳහන් එක් එක් ආයතනය විසින් ගෙවා ඇති බදු මුදල එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iv) එම ආයතන විසින් ගෙවිය යුතු හිඟ බදු මුදල් තිබේද;

(v) එසේ නම්, එම බදු මුදල් අයකර ගැනීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2024-05-07

අසන ලද්දේ

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)      ශ්‍රී ලංකාවේ මේ වන විට මත්පැන් නිෂ්පාදනය කරනු ලබන නීත්‍යනුකූල ආයතන 25ක් ඇත. එම ආයතන ඒ ඒ මත්පැන් නිෂ්පාදනාගාර වර්ගය අනුව බෙදී ඇති ආකාරය ද පහත පරිදි වේ.

නිෂ්පාදනාගාර වර්ගය

ආයතන සංඛ්‍යාව

මත්පැන් බෝතල් නිෂ්පාදනාගාර

20

බියර් නිෂ්පාදනාගාර

02

සයිඩර් නිෂ්පාදනාගාර

01

වයින් නිෂ්පාදනාගාර

01

සකේ නිෂ්පාදනාගාර

01

එකතුව

25

              (ii)      එම එක් එක් ආයතනයේ නම, ලිපිනය, ආයතනය, හිමිකරුගේ නම සහ ලිපිනය වෙන් වෙන් වශයෙන් ඇමුණුම 01හි දැක්වේ.

 

පිළිතුරු දුන් දිනය

2024-05-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks