පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2024-06-07
අසන ලද්දේ
ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදුලිබල හා බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
5 වැනි සභාවාරය
අ) (i) වර්ෂ 2015 සිට මේ දක්වා නව විදුලිය සම්බන්ධතා ලබා දීමේදී ලංකා විදුලිබල මණ්ඩලය විසින් තැන්පතු ලෙස අය කරගෙන ඇති මුළු මුදල එක් එක් වර්ෂය අනුව පහත පරිදි වේ.
|
වර්ෂය |
ලැබීම් (රු.මි.) |
|
2015 |
1,318.17 |
|
2016 |
1,474.42 |
|
2017 |
1,169.87 |
|
2018 |
992.49 |
|
2019 |
908.77 |
|
2020 |
728.69 |
|
2021 |
805.34 |
|
2022 |
761.35 |
|
2023 |
514.92 |
|
2024 (මාර්තු මස දක්වා) |
137.40 |
(ii) ශ්‍රී ලංකා විදුලිබල පනතේ 28 වගන්තිය පරිදි විදුලි බෙදා හැරීම් බලපත්‍රලාභියෙකුට විදුලි පාරිභෝගිකයන්ගෙන් ආරක්ෂක තැන්පතුවක් ලබා ගත හැක. එමෙන්ම උපලේඛන 02හි 3 වගන්තියේ පරිදි බලපත්‍රලාභියෙකුට විදුලි පාරිභෝගිකයෙකුගෙන් සාමාන්‍ය විදුලි ගාස්තුව මෙන් දෙගුණයක් ලබා ගත හැක.
එමෙන්ම 28 වගන්තියේ ප්‍රතිපාදන පරිදි ඇප මුදලක් වශයෙන් යම් මුදල් ප්‍රමාණයක් බෙදා හැරීමේ බලපත්‍රලාභියා වෙත තැන්පත් කළ අවස්ථාවේම එම මුදල එම බලපත්‍රලාභියා සතුව පවත්නා කාල පරිච්ඡේදය සඳහා කොමිෂන් සභාවේ අනුමැතිය ඇති බලපත්‍රලාභියා විසින් කලින් කල නියම කරනු ලැබිය හැකි යම් අනුපාතයකට අනුව ඒ මුදල් ප්‍රමාණය මත පොලියක් බලපත්‍රලාභියා විසින් පාරිභෝගිකයාට ගෙවිය යුතු වේ. මෙම අනුපාතය තීරණය කරනු ලබන්නේ මහජන උපයෝගීතා කොමිසම විසිනි.
ඒ අනුව 2023 වර්ෂය සදහා තොග සැපයුම් පාරිභෝගිකයින්ට රුපියල් මිලියන 546.40ක් ද, සාමාන්‍ය සැපයුම් පාරිභෝගිකයන්ට රුපියල් මිලියන 574.40ක් ද, 2024 මාර්තු මස වනවිට තොග සැපයුම් පාරිභෝගිකයන්ට රුපියල් මිලියන 240.12ක් ද, සාමාන්‍ය සැපයුම් පාරිභෝගිකයන්ට රුපියල් මිලියන 21.70ක් ද පොලී මුදල් වශයෙන් ගෙවා ඇත.
තොග සැපයුම් පාරිභෝගිකයන්ට සෑම මසකම අවසානයේදී ද, සාමාන්‍ය සැපයුම් පාරිභෝගිකයන්ට සෑම වර්ෂයකම අවසානයේදී ද පොලී මුදල් ගෙවීමට දැනටමත් කටයුතු කරගෙන යනු ලැබේ.
(iii) මේ වනවිටත් විදුලි පාරිභෝගිකයන්ට ගෙවීම් සිදු කරන බැවින් අදාළ නොවේ.
(ආ) සියලු තොරතුරු ඉහත දක්වා ඇති බැවින් අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2024-06-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks