පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2624/’12
ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා,— ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) 2007 වර්ෂයේදී ඉන්ධන මිල ඉහළ ගිය අවස්ථාවේදී,
(i) ජනතාවට භූමිතෙල් සහ ඩීසල් සහනාධාර ලබා දුන්නේද;
(ii) එසේ නම්, එක් පවුලක් සඳහා ලබා දුන් භූමිතෙල් සහනාධාරයේ වටිනාකම කොපමණද;
(iii) භූමිතෙල් සහනාධාර ලබාදීමට ප්‍රතිලාභීන් තෝරාගත් ක්‍රමවේදය කවරේද;
(iv) එම භූමිතෙල් සහනාධාරය ලබාදීමට 2008, 2009, 2010 සහ 2011 යන වර්ෂයන්හිදී වෙන් කරන ලද මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;
(v) ඩීසල් සහනාධාරය ලබා දුන්නේ කා සඳහාද;
(vi) ධීවර ජනතාවටද ඩීසල් සහනාධාර ලබා දෙන බවට පොරොන්දුවක් ලබා දී තිබුනේද;
(vii) එසේ නම්, 2008, 2009, 2010 සහ 2011 යන වර්ෂයන්හිදී ධීවර ජනතාවට ඩීසල් සහනාධාරය ලබාදීමට වෙන් කළ මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) ඉහත සඳහන් පරිදි ඩීසල් හා භූමිතෙල් සහනාධාර ලබා දී නොමැති නම්, 2007 සිට මේ දක්වා ජනතාව රවටා ඇති බව එතුමා පිළිගන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-09-18
අසන ලද්දේ
ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා, පා.ම.
අමාත්‍යාංශය
ඛනිජ තෙල් කර්මාන්ත
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු ඒ.ඩී. සුසිල් ප්‍රේමජයන්ත මහතා (ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යතුමා)
(மாண்புமிகு ஏ.டி. சுசில் பிரேமஜயந்த - பெற்றோலியக் கைத்தொழில்கள் அமைச்சர்)
(The Hon. A.D. Susil Premajayantha - Minister of Petroleum Industries)
ගරු කථානායකතුමනි, මා එම ප්‍රශ්නයට පිළිතුර සභාගත* කරනවා.
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) නැත.
(ii) පැන නොනඟී.
(iii) පැන නොනඟී.
(iv) පැන නොනඟී.
(v) පැන නොනඟී.
(vi) නොදනී.
(vii) ඩීසල් සහනාධාරය මෙම අමාත්‍යාංශයෙන් ලබා නොදෙයි.
(ආ) අදාළ නොවේ.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2012-11-14
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks