01

E   |     |  

 දිනය: 2024-04-24   පිළිතුර ලබා දී ඇත 

2040/2024: On-site inspections carried out by Tourism Development Authority when renewal of licences in tourism service provide places

2040/2024

ගරු විජිත හේරත් මහතා,— සංචාරක හා ඉඩම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      වර්ෂ 2022 සිට 2023 දක්වා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී ඇති එක් එක් සේවා සපයන්නාගේ නම, ලිපිනය, ව්‍යාපාරික නාමය, ලියාපදිංචිය සඳහා ඉල්ලුම් කළ දිනය, තාවකාලික සහ ස්ථිර ලියාපදිංචි සහතිකය නිකුත් කළ දිනය වෙන් වෙන් වශයෙන් කවරේද;

(ii) තාවකාලික සහතික හා ස්ථිර සහතික නිකුත් කිරීමට පෙර සේවා සපයනු ලබන ස්ථාන පරික්ෂා කළේද;

(iii) නොඑසේ නම්, ඊට හේතු කවරේද;

(iv) පරීක්ෂා කළේ නම්, දිනය, නිලධාරින්ගේ නම්, තනතුරු, නිරීක්ෂණ, භාවිතා කළ වාහනයේ වර්ගය, ලියාපදිංචි අංකය,  හිමිකරුගේ නම,  ගෙවූ මුදල හා ගෙවීම් සිදු කළ ආකාරය එක් එක් ස්ථානය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

(v) කිසිදු පරීක්ෂාවක් නොකර තාවකාලික සහතිකය දීර්ඝ කළ සංචාරක ව්‍යාපාර සංඛ්‍යාව කොපමණද;

 

 (vi) එම එක් එක් ව්‍යාපාර ස්ථානය හිමිකරුගේ නම, ව්‍යාපාර නාමය, තාවකාලික සහතිකය දීර්ඝ කළ දිනය, දීර්ඝ කිරීමට නිර්දේශ කළ නිලධාරියාගේ නම සහ තනතුර වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2024-04-24

අසන ලද්දේ

ගරු විජිත හේරත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

සංචාරක හා ඉඩම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks