01

E   |     |  

 දිනය: 2024-07-24   පිළිතුර ලබා දී ඇත 

1970/2024: ලියාපදිංචි වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන: විස්තර

----

අසන ලද දිනය

2024-07-24

අසන ලද්දේ

ගරු යූ. කේ. සුමිත් උඩුකුඹුර මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි කර ඇති වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන/ ආයතන සංඛ්‍යාව 1,615කි.

              (ii)      රාජ්‍ය අංශයේ ආයතන 632

                        පෞද්ගලික ආයතන 910

                        රාජ්‍ය නොවන සංවිධාන 52

                        පුණ්‍ය ආයතන  21

            (iii)      රාජ්‍ය අංශයේ ආයතන පාඨමාලා     3,841

පෞද්ගලික ආයතන පාඨමාලා 3,029

රාජ්‍ය ‍නොවන සංවිධාන ආයතන පාඨමාලා 175

පුණ්‍ය ආයතන පාඨමාලා   97

 

(ආ) (i) වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන/ ආයතන වසර දෙකක කාලයක් සඳහා ලියාපදිංචි කරනු ලබන අතර, වසර දෙකෙන් දෙකට ලියාපදිංචිය අලුත් කර ගත යුතුය.

(ii) වෘත්තීය පුහුණු මධ්‍යස්ථානවල/ආයතනවල ලියාපදිංචිය දීර්ඝ කිරීම රාජ්‍ය හා පෞද්ගලික අංශ ලෙස කොටස් දෙකකට සිදු කරනු ලබයි.

රාජ්‍ය ආයතනවල

  • • පාඨමාලා ගණන 6ක් දක්වා රුපියල් 3,000ක් ද
  • • පාඨමාලා ගණන 6 සිට 10 දක්වා රුපියල් 5,000ක් ද
  • • පාඨමාලා ගණන 10කට වැඩිනම් රුපියල් 7,500ක් ද අය කරනු ලබයි.

පෞද්ගලික ආයතනවල

  • • පාඨමාලා ගණන 3ක් දක්වා රුපියල් 5,000ක් ද
  • • පාඨමාලා ගණන 3 සිට 6ක් දක්වා රුපියල් 8,000ක් ද
  • • පාඨමාලා ගණන 6 සිට 10ක් දක්වා රුපියල් 10,000ක් ද
  • • පාඨමාලා ගණන 10කට වැඩි නම් රුපියල් 10,000ක් සහ එක් පාඨමාලාවක් සඳහා අමතරව රුපියල් 2,500ක් බැගින් අය කරනු ලබයි.
  • • විදේශ සුදුසුකම් සඳහා සහතික නිකුත් කරනු ලබන ආයතනවල ඉහත අයකිරීම්වලට අමතරව එක් පාඨමාලාවක් සඳහා රුපියල් 5,000ක් බැගින් අයවේ.

ඉහත සඳහන් අයකිරීම් සඳහා තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ පාලක මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති අතර, එම අනුමැතිය චක්‍රලේඛ අංක NVQ 07/2023 ලෙස TVEC වෙබ් අඩවියෙහි දක්වා ඇත.

(ඇ) අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2024-07-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks