පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2024-07-23
අසන ලද්දේ
ගරු මිලාන් ජයතිලක මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදුලිබල හා බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
5 වැනි සභාවාරය
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.
(අ) (i) නැත.
(ii) පාරිභෝගිකයන්ට නොසැපයූ බලශක්තියෙහි පිරිවැය (අපේක්ෂිත විදුලි බිඳ වැටීම්)
|
|
2022 |
2023 |
එකතුව |
|
සැලසුම් කළ විදුලිය අත්හිටුවීම් (ගිගා වොට් පැය) |
799.21 |
88.62 |
887.83 |
|
|
රු./කිලෝ වොට් පැය |
|
නොසැපයූ බලශක්තියෙහි පිරිවැය (අපේක්ෂිත විදුලිය බිඳ වැටීම්) |
620.55 |
|
|
2022 |
2023 |
එකතුව |
|
නොසැපයූ බලශක්තියෙහි මුළු පිරිවැය (රුපියල් බිලියන) |
495.95 |
54.99 |
550.94 |
(iii) 2022-2023 කාල සීමාව තුළ පැවති විදුලි අර්බුදය විසඳීම සඳහා අවශ්‍ය කෙටි කාලීන විසඳුම් ලබා දී ඇත. එමෙන්ම ඉදිරියේදී එවැනි අර්බුදයක් ඇති වීම වැළැක්වීමට මධ්‍ය කාලීන හා දිගු කාලීන ක්‍රියා මාර්ග ගෙන ඇත.
පහත දක්වා ඇති දිගු කාලීන හා කෙටි කාලීන සැලසුම් ප්‍රකාරව විදුලිබල ක්ෂේත්‍රයේ වැඩ කටයුතු සිදු කර ගෙන යෑමට අවශ්‍ය පියවර ගනිමින් පවතී.
• 2023-2042 දිගු කාලීන ජනන සැලසුම ප්‍රකාශයට පත් කර ඇත. (2023-2042 Long-term Generation Expansion Plan)
• 2023-2032 දිගු කාලීන සම්ප්‍රේෂණ සැලසුම ප්‍රකාශයට පත් කර ඇත. (2023-2032 Long-term Transmission Development Plan)
• 2023-2030 සඳහා පුනර්ජනනීය බලශක්ති සැලසුම ඇතුළත් වාර්තාව ප්‍රකාශයට පත් කර ඇත. (Report of the Way Forward of Integration of Renewable Energy Resources to the National Grid)
වර්ෂ 2023 සිට 2026
වර්ෂ 2027 සිට 2042
• පිරිවැය පරාවර්තක පාරිතෝෂික අයක්‍රමය - cost-reflective tariff - හඳුන්වා දී ඇත.
• පුනර්ජනනීය බලාගාර මඟින් ලබා ගන්නා විදුලිය සඳහා තරගකාරි අය ක්‍රම හඳුන්වා දී ඇත.
• වහල මත ඉදිකෙරෙන සූර්ය බලාගාර මඟින් විදුලිය ලබා ගැනීම ප්‍රවර්ධනය කර ඇත.
• පුනර්ජනනීය බලශක්ති බලාගාර ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම සිදු කෙරේ.
• මෙරට පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා වන විභවය ඇස්තමේන්තු කර ඇත.
• නව විදුලිබල පනත අංක 36/2024 හඳුන්වා දී ඇත. එමඟින් බලශක්ති ජාලයට විවෘත ප්‍රවේශය හඳුන්වා දී ඇත. ඒ සඳහා වන රෙගුලාසි සකස් කරමින් පවතී.
• මෙරට පද්ධතියට වැඩි වශයෙන් පුනර්ජනනීය බලාගාර ලබා ගැනීමේදී ඇති වන තාක්ෂණික දුෂ්කරතා විසඳීම සඳහා ප්‍රමාණවත් වන බැටරි ගබඩා පහසුකම් ඇති කිරීමට අවශ්‍ය අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගෙන ඇත. ඒ සඳහා අවශ්‍ය වන ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීමට කටයුතු කර ඇත.
• එමෙන්ම බලශක්ති ගබඩා කිරීම සඳහා අවශ්‍ය වන පොම්පාගාර ජල විදුලි බලාගාර - pumped storage hydropower plants - සමඟ වන පූර්ව ශක්‍යතා අධ්‍යයනයක් සිදු කරමින් පවතී.
• විශාල පරිමාණ ආයෝජකයන් මෙරට බලශක්ති ක්ෂේත්‍රයට ආකර්ෂණය කිරීම සඳහා මෙගාවොට් 1,000කට ආසන්න සූර්ය බලාගාර, සුළං බලාගාර සහ පාවෙන සූර්ය බලාගාර ඉදිකිරීම සඳහා වන ව්‍යාපෘති සමඟ අවශ්‍ය අධ්‍යයනයන්, ඉඩම් ලබා ගැනීම සඳහා වන කටයුතු ක්‍රියාත්මක කර ඇති අතර මේ වසර අවසානය වන විට මුල් ව්‍යාපෘති 4 සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.
• පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා අවශ්‍ය වන සම්ප්‍රේෂණ ජාලය පුළුල් කිරීම සඳහා වන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීමටත්, ඒ සඳහා පෞද්ගලික අංශයේ ආයෝජන යොදා ගැනීමටත් අවශ්‍ය නීතිමය රාමුව සකස් කර ඇත. එමෙන්ම මේ වන විටත් පුනරීන් සිට කිලිනොච්චිය දක්වාත්, කිලිනොච්චිය සිට නව හබරණ ග්‍රිඩ් උපපොළ දක්වාත් වන සම්ප්‍රේෂණ යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳව සාකච්ඡා සම්මුති ආරම්භ කර ඇත.
• පුනර්ජනනීය බලාගාර පද්ධතියට එක් කිරීම සඳහා අවශ්‍ය කරන ඉන්දියා - ශ්‍රී ලංකා ග්‍රිඩ් සම්බන්ධතාව ඇති කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමට එළඹීමට නියමිත ය.
(iv) විදුලිබල ක්ෂේත්‍රයේ ව්‍යාපෘති සැලකිය යුතු කාලයක් සහ ඉතා අධික මුදලක් වැය වන ව්‍යාපෘති වන බැවින් ජාතික ආර්ථිකයේ වර්ධනය ඍජුවම මෙම ව්‍යාපෘතිවල සාර්ථකත්වය සඳහා බලපායි. එම නිසා ව්‍යාපෘති නිම කිරීමට ගත වන කාලය නිශ්චිතව සැලසුම් කර ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ලැබේ.
(ආ) සියලු තොරතුරු ඉහත දක්වා ඇති බැවින් අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2024-07-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කංචන විජේසේකර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks