01

E   |     |  

 දිනය: 2013-10-08   පිළිතුර ලබා දී ඇත 

2605/2013: හම්බන්තොට ජාත්‍යන්තර වරාය ව්‍යාපෘතිය : සේවකයන්

2605/’12

 

ගරු සජිත් ප්‍රේමදාස මහතා,— වරාය හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)       හම්බන්තොට ජාත්‍යන්තර වරාය ව්‍යාපෘතිය අවසන්කර ක්‍රියාකාරී වරායක් ලෙස ආරම්භ වූ දිනය කවරේද;

             (ii)       හම්බන්තොට වරායේ වත්මන් සේවක සංඛ්‍යාව කොපමණද;

(iii) එම සේවක මණ්ඩලයට හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් බඳවා ගෙන ඇති සංඛ්‍යාව කොපමණද;

(iv) හම්බන්තොට වරායට බඳවා ගැනීමට අපේක්ෂිත මුළු සේවක සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-10-08

අසන ලද්දේ

ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම.

අමාත්‍යාංශය

වරාය හා මහාමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු රෝහිත අබේගුණවර්ධන මහතා (වරාය හා මහාමාර්ග අමාත්‍යතුමා)

(மாண்புமிகு ரோஹித அபேகுணவர்தன - துறைமுகங்கள், நெடுஞ்சாலைகள் அமைச்சர்)

(The Hon. Rohitha Abeygunawardana - Minister of Ports and Highways)

ගරු කථානායකතුමනි, මා එම ප්‍රශ්නයට පිළිතුර දෙනවා.

(අ)          (i)      හම්බන්තොට වරායේ පළමු අදියර 2010 නොවැම්බර් 18වන දින විවෘත කෙරුණු අතර, එදින සිට එය ක්‍රියාකාරී වරායක් ලෙස ක්‍රියාත්මක වේ.

(ii) හම්බන්තොට වරායේ සේවය සඳහා සේවකයින් බඳවා ගෙන නොමැති අතර, අවශ්‍යතාව මත කොළඹ වරායේ සේවකයන් සේවයේ යොදවා අවශ්‍යතාව ඉටු කර ගනී.

(iii) අදාළ නැත.

(iv) පළමු අදියර අවසානයේ සෘජු සේවකයන් 500ක්ද, දෙවන අදියර අවසානයේ සේවකයන් 1,500ක්ද අවශ්‍ය කරන අතර, අවශ්‍යතාවන් මත ඉදිරි අදියරවලට සේවකයන් බඳවා ගැනීමට අදහස් කර ඇත.

(ආ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2013-10-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රෝහිත අබේගුණවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks