01

E   |     |  

 දිනය: 2024-07-23   පිළිතුර ලබා දී ඇත 

1739/2024: කින්නියා මූලික රෝහල: අනුමත සේවක සංඛ්‍යාව සහ පුරප්පාඩු

----

අසන ලද දිනය

2024-07-23

අසන ලද්දේ

ගරු ඉම්රාන් මහරූෆ් මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.

(අ)          (i)      අනුමත සේවක සංඛ්‍යාව 317කි.

              (ii)      මේ වන විට සේවය කරනු ලබන සේවක සංඛ්‍යාව 220කි.

             (iii)     

 

සිංහල

දෙමළ

එකතුව

වෛද්‍ය නිලධාරින්

05

23

28

හෙද නිලධාරින්

24

44

68

             (iv)

Ø   අනුමත සේවක සංඛ්‍යාව  සහ සේවා ප්‍රමුඛතා  පදනම් කර ගනිමින් ඉදිරි පශ්චාත් සීමාවාසික වෛද්‍ය නිලධාරින් ස්ථානගත කිරීම් හා සීමාවාසික පුහුණුව සඳහා බඳවාගැනීම් යටතේ වෛද්‍ය නිලධාරි පුරප්පාඩු සම්පූර්ණ කිරීමට කටයුතු කරනු ලැබේ.

Ø වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට අවශ්‍ය අමාත්‍ය මණ්ඩල අනුමැතිය මේ වන විටත් ලැබී ඇති බැවින්, වර්තමානයේ විශ්‍රාම ගැන්වීමට නියමිත වෛද්‍යවරුන්ට තවත් වසර 03ක් සේවයේ යෙදීමේ අවස්ථාව හිමි වේ.

Ø හෙද සේවයේ සිසු හෙද පුහුණුව සම්පූර්ණ කර ඇති කණ්ඩායම සඳහා ඉදිරියේදී පත්වීම් ලබා දීමට නියමිතව පවතින අතර, ඒ අනුව නැඟෙනහිර පළාත් සභාවේ පවත්නා පුරප්පාඩු සඳහා හෙද නිලධාරින් අනුයුක්ත කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් සිදු කරනු ලබන අතර කින්නියා රෝහලේ පවතින පුරප්පාඩු සඳහා කාර්ය මණ්ඩල අනුයුක්ත කිරීම නැඟෙනහිර පළාත් සභාව මඟින් සිදු කරනු ලැබේ. (අනෙකුත් රෝහල්වල පවත්නා පුරප්පාඩු ද සලකා බැලීමෙන් අනතුරුව)

(ආ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2024-07-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks