01

E   |     |  

 දිනය: 2024-04-10   පිළිතුර ලබා දී ඇත 

1737/2024: රජයේ වී ගබඩා: ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය

1737/2024

ගරු ඉම්රාන් මහරූෆ් මහතා,— කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඇති රජයේ වී ගබඩා සංඛ්‍යාව කොපමණද;

             (ii)      ඒවා පිහිටුවා ඇති ස්ථාන කවරේද;

            (iii)      ඉහත එක් එක් ගබඩාවේ ගබඩා කළ හැකි වී ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iv) වර්ෂ 2015 සිට මේ දක්වා ඉහත ගබඩාවල ගබඩා කරන ලද වී ප්‍රමාණය එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ඉහත (අ)(i) හි සදහන් වී ගබඩා අතරින් මේ වනවිට භාවිතයට නොගන්නා වී ගබඩා තිබේද;

(ii) එසේ නම්, එම වී ගබඩා සංඛ්‍යාව කොපමණද;

(iii) ඒවා පිහිටා ඇති ස්ථාන කවරේද;

(iv) භාවිතයට නොගන්නා වී ගබඩා නැවත භාවිතයට ගැනීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

(v) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඇති වී ගබඩාවලින් උපරිම ප්‍රයෝජනය ලබා ගැනීම සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩසටහන් කවරේද;

  යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2024-04-10

අසන ලද්දේ

ගරු ඉම්රාන් මහරූෆ් මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වී අලෙවි මණ්ඩලය විසින් පරිහරණය කරන වී ගබඩා සංඛ්‍යාව 24කි.

                        එනම්,

                        වී අලෙවි මණ්ඩලය සතු - 23යි.

                        ගොවි සංවිධාන සතු - 01යි.

              (ii)      ඇමුණුම 01හි දක්වා ඇත.

            (iii)      ඇමුණුම 01හි දක්වා ඇත.

             (iv)      ඇමුණුම 02හි දක්වා ඇත. ඇමුණුම 02 සභාගත* කරමි.

 

(ආ) (i) නැත.

(ii) අදාළ නොවේ.

(iii) අදාළ නොවේ.

(iv) අදාළ නොවේ.

 (v) වී මිලදී ගැනීමට අපේක්ෂිතයි.

  • වී මිලදී ගැනීම හරහා වෙළෙඳ පොළේ වී සඳහා වන සහතික මිල ස්ථාවරව පවත්වාගෙන යෑම තුළින් ගොවියා ආරක්ෂා කර ගැනීමට.
  • ඉදිරියේදී සහල් වෙළෙඳ පොළට පිවිසීමට බලාපොරොත්තු වන බැවින් ඒ සඳහා අවශ්‍ය ගබඩා පහසුකම් ලබා ගැනීමට.

(ඇ)  අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2024-06-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ඩී. බී. හේරත් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks