01

E   |     |  

 දිනය: 2024-09-03   පිළිතුර ලබා දී ඇත 

1732/2024: ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය: පීඨ සහ පාඨමාලා

----

අසන ලද දිනය

2024-09-03

අසන ලද්දේ

ගරු ජගත් ප්‍රියංකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

(අ)           (i)      ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ පවතින පීඨ සංඛ්‍යාව 06කි.

              (ii)      1.  කෘෂිකර්ම හා වැවිලි කළමනාකරණ පීඨය

                        2.  ව්‍යවහාරික විද්‍යා පීඨය

                        3.  ව්‍යාපාර අධ්‍යයන හා මූල්‍ය පීඨය

                        4.  පශු සම්පත්, ධීවර හා පෝෂණ පීඨය

                        5.  තාක්ෂණ පීඨය

                        6.  වෛද්‍ය පීඨය

              (iii)     

පීඨය

උගන්වනු ලබන පාඨමාලා

කෘෂිකර්ම හා වැවිලි කළමනා-කරණ පීඨය

කෘෂිකර්මය පිළිබඳ විද්‍යාවේදී උපාධිය ජෛව පද්ධති තාක්ෂණය පිළිබඳ උපාධිය

ව්‍යවහාරික විද්‍යා පීඨය

සාමාන්‍ය විද්‍යාවේදී උපාධිය විද්‍යාවේදී (බද්ධ ප්‍රධාන) උපාධිය කාර්මික කළමනාකරණය පිළිබඳ විද්‍යාවේදී (විශේෂ) උපාධිය ව්‍යවහාරික ඉලෙක්ට්‍රොනික විද්‍යා විද්‍යාවේදී (විශේෂ) උපාධිය ගණිතය හා සංඛ්‍යානය පිළිබඳ විද්‍යාවේදී (විශේෂ) උපාධිය පරිගණක විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී (විශේෂ) උපාධිය

ව්‍යාපාර අධ්‍යයන හා මූල්‍ය පීඨය

බැංකුකරණය හා මූල්‍ය පිළිබඳ විද්‍යාවේදී (විශේෂ) උපාධිය ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ විද්‍යාවේදී (විශේෂ) උපාධිය ගිණුම්කරණය සහ මූල්‍ය පිළිබඳ විද්‍යාවේදී (විශේෂ) උපාධිය රක්ෂණය හා මූල්‍ය පිළිබඳ විද්‍යාවේදී (ගෞරව) උපාධිය

පශු සම්පත්, ධීවර හා පෝෂණ පීඨය

ආහාර විද්‍යාව හා පෝෂණය පිළිබඳව විද්‍යාවේදී උපාධිය  ආහාර නිෂ්පාදනය හා තාක්ෂණ කළමනාකරණය පිළිබඳ විද්‍යාවේදී උපාධිය

වෛද්‍ය පීඨය

වෛද්‍ය විද්‍යාව හා ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳ උපාධිය (MBBS)

තාක්ෂණ පීඨය

ඉදිකිරීම් තාක්ෂණය පිළිබඳ ඉංජිනේරු තාක්ෂණ ගෞරව උපාධිය විද්‍යුත් තාක්ෂණය පිළිබඳ ඉංජිනේරු තාක්ෂණ ගෞරව උපාධිය යාන්ත්‍රික විද්‍යාව සහ නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ ඉංජිනේරු තාක්ෂණ ගෞරව උපාධිය නැනෝ විද්‍යා තාක්ෂණය පිළිබඳ ඉංජිනේරු තාක්ෂණ ගෞරව උපාධිය

 

(ආ) (i) ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය සඳහා මේ වනතෙක් ඉංජිනේරු පීඨයක් පිහිටුවීම සම්බන්ධව යෝජනාවක් ඉදිරිපත් වී නොමැත. ඒ අනුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මඟින් ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය වෙත ඉංජිනේරු පීඨයක් පිහිටුවීම සම්බන්ධව අනුමැතියක් ලබා දී නොමැත.

(ii) ඉහත (ආ) (i) හි පරිදි වේ.

(iii) ඉහත (ආ) (i) හි පරිදි වේ.

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2024-09-03

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks