01

E   |     |  

 දිනය: 2024-04-10   පිළිතුර ලබා දී ඇත 

1727/2024: පුත්තලම දිස්ත්‍රික්කයේ අලි-මිනිස් ගැටුම: විසඳුම්

1727/2024

ගරු ජගත් ප්‍රියංකර මහතා,—  වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යතුමියගෙන් ඇසීමට,— 

(අ)         (i)      වර්ෂ 2010 සිට මේ දක්වා පුත්තලම දිස්ත්‍රික්කයේ අලි-මිනිස් ගැටුම හේතුවෙන් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව සහ වන අලින් සංඛ්‍යාව එක් එක් වනජීවි කලාපය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(ii) පුත්තලම දිස්ත්‍රික්කයේ පවතින අලි-මිනිස් ගැටුමට ස්ථිර විසඳුමක් ලබා දීමට ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමිය මෙ‍ම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2024-04-10

අසන ලද්දේ

ගරු ජගත් ප්‍රියංකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

වනජීවී හා වනසම්පත් සංරක්ෂණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඇමුණුම 01 හා 02 මඟින් ඉදිරිපත් කර ඇත.

                            ඇමුණුම 01

මිනිස් මරණ (පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පදනම අනුව)

දිස්ත්‍රික්කය

 

 ප්‍රා.ලේ. කොට්ඨාසය

2010

2011

2012

2013

2014

2015

2016

2017

2018

2019

2020

2021

2022

2023

2024.05.22

 එකතුව

පුත්තලම

1

කරුවලගස්වැව

1

1

2

3

4

2

0

1

3

0

2

3

2

4

1

29

 

2

ආණමඩුව

1

0

0

0

0

0

0

0

0

0

0

0

0

0

1

2

 

3

වනාතවිල්ලුව

0

0

1

0

0

0

0

0

0

0

0

1

1

1

1

5

 

4

නවගත්තේගම

0

0

1

1

0

0

1

1

1

1

1

2

1

2

0

12

 

5

පල්ලම

0

0

0

0

0

0

0

0

0

0

1

0

0

0

0

1

 

6

පුත්තලම

0

0

0

2

0

0

1

1

1

2

0

2

0

0

0

10

 

7

මහකුඹුක්කඩවල

1

0

0

0

0

0

0

0

1

1

3

1

0

0

0

7

 

එකතුව

3

2

4

6

4

2

2

3

6

4

7

9

4

7

3

66

 

                                  ඇමුණුම - 02

වනඅලි මරණ සංඛ්‍යාව (පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පදනම අනුව)

දිස්ත්‍රික්කය

 

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

2010

2011

2012

2013

2014

2015

2016

2017

2018

2019

2020

2021

2022

2023

2024.05.22

එකතුව

පුත්තලම

1

කරුවලගස්වැව

2

4

9

1

3

2

8

4

1

2

4

6

5

5

3

59

 

2

ආනමඩුව

0

0

1

0

0

0

0

0

1

0

1

0

1

2

1

7

 

3

වනාතවිල්ලුව

1

1

2

2

3

3

2

5

2

3

4

1

3

3

1

36

 

4

නවගත්තේගම

2

3

4

3

1

0

0

4

0

6

3

6

4

3

1

40

 

5

පුත්තලම

1

4

1

0

0

0

1

3

2

1

3

2

0

0

1

19

 

6

මහකුඹුක්කඩවල

0

0

0

0

0

0

0

2

1

1

0

0

2

2

0

8

 

එකතුව

6

12

17

6

7

5

11

18

7

13

13

15

15

15

7

169

 

              (ii)      ඔව්.

                       1.    පුත්තලම දිස්ත්‍රික්කයේ ඇති ගම්මානවල වනඅලි තර්ජන අවම කිරීම සඳහා විදුලි වැටවල් 20ක් ඉදිකර ඇති අතර, එහි සමස්ත දිග කිලෝමීටර 350කි. මේ වන විට එය බහුකාර්ය සංවර්ධන සහායකයින් හා සිවිල් ආරක්ෂක භටයින් යොදවා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ හොඳින් නඩත්තු කරමින් පවත්වාගෙන යනු ලබයි.

 2.  වනඅලි රංචු ගම්මානවලට ඇතුළු වූ අවස්ථාවලදී සංවිධානාත්මකව වනඅලි පලවා හැරීමේ මෙහෙයුම් සිදු කර, වනඅලි රක්ෂිත ප්‍රදේශ වෙත නැවත පලවා හැරීමට කටයුතු කරනු ලබයි.

  3.  ජනතාවගෙන් ලැබෙන පැමිණිලි අනුව පුත්තලම වනජීවී කාර්යාලයේ නිලධාරින් විසින් ගම්මානවලට පැමිණෙන වනඅලින් පලවා හැරීම සඳහා අවස්ථානුකූලව පියවර ගනිමින් පවතී.

  4.  පුත්තලම දිස්ත්‍රික්කයේ වනඅලින්ගෙන් සිදුවන දේපළ හානි හා වගා හානි අවම කිරීම සඳහා ගොවි සංවිධාන හා ගම්වාසින් වෙත අලි වෙඩි ලබා දීමට කටයුතු කරන අතර, අදාළ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ඉල්ලීම සලකා බලා ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත අලි වෙඩි නිකුත් කර ග්‍රාම නිලධාරින් හරහා අලි වෙඩි අවශ්‍යතාව පවතින ගොවි සංවිධාන වෙත හා ගම්වාසින් වෙත ලබා දීමට කටයුතු කරනු ලබයි.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2024-06-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks