පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2580/’12
ගරු සජිත් ප්‍රේමදාස මහතා,— කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මෙරට රැකියා විරහිත තරුණ පරපුර සඳහා ප්‍රාදේශීය මට්ටමින් කර්මාන්ත ශාලා ස්ථාපනය කිරීමේ වැඩපිළිවෙළක් තිබේද;
(ii) එසේ නම්, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් එවැනි කර්මාන්ත ශාලා පිහිටුවීමේ වැඩසටහනක් දියත් කිරීමට කටයුතු කරන දිනය කවරේද;
(iii) එම වැඩසටහනෙහි ඉලක්කයන් කවරේද;
(iv) එම ඉලක්ක සපුරා ගැනීමට කටයුතු කරන්නේ කෙසේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-06-21
අසන ලද්දේ
ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම.
අමාත්‍යාංශය
කර්මාන්ත හා වාණිජ කටයුතූ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) මෙම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමෙන් නොව පළාත් මට්‍ටමෙනි. ප්‍රාදේශීය කර්මාන්ත සංවර්ධන වැඩසටහන යටතේ අවම වශයෙන් සෑම පළාතටම එක් කර්මාන්ත පුරයක් බැගින් වන සේ දිවයිනේ සියලුම පළාත් ආවරණය වන පරිදි කර්මාන්ත පුර ස්ථාපනය කිරීමට කටයුතු කර ඇත. මේ වන විට කර්මාන්ත පුර 27ක් පමණ දිවයින පුරා පිහිටුවා ඇත.
(iii) එම වැඩසටහනෙහි ඉලක්කයන්,
(අ) කර්මාන්ත පුරවල යටිතල පහසුකම් සංවර්ධනය කර නිම කිරීම.
වව්නියාව කර්මාන්ත පුරයේ යටිතල පහසුකම් 25%ක්ද, මන්නාරම කර්මාන්ත පුරයේ යටිතල පහසුකම් 10%ද, මතුගම කර්මාන්ත පුරයේ 40% සහ ත්‍රිකුණාමලය කර්මාන්ත පුරයේ 80% පමණ ද 2014 වසර තුළ සංවර්ධනය කර අවසන් කිරීමට අපේක්ෂිතය.
(ආ) එම කර්මාන්ත පුරවල අයෝජනය කිරීමට සුදුසු ආයෝජකයන් තෝරා ගැනීම.
ඇඹිලිපිටිය, බුත්තල, ලක්ෂඋයන යන කර්මාන්ත පුරවල ආයෝජනය කිරීමට ආයෝජකයන් 10 දෙනෙකුද, මන්නාරම කර්මාන්ත පුරයේ ආයෝජකයන් 04 දෙනෙකුද, මතුගම කර්මාන්ත පුරයේ ආයෝජකයන් 08 දෙනෙකුද, ත්‍රිකුණාමලය අදියර II හි ආයෝජනය කිරීමට ආයෝජකයන් 07 දෙනෙකු බැගින්ද 2014 වසර තුළ තෝරා ගැනීමට බලාපොරොත්තු වේ.
(ඇ) උතුරු පළාතේ මුලතිව් දිස්ත්‍රික්කය තුළ කර්මාන්ත පුරයක් ඉදිකිරීම සඳහා අධ්‍යයනයක් කරමින් පවතී.
(ඈ) වයඹ පළාතේ ඖෂධ නිෂ්පාදන ආශ්‍රිත කර්මාන්ත පුරයක් ඉදිකිරීම සඳහා අධ්‍යයනයක් කරමින් පවතී.
(iv) කර්මාන්ත පුර හා ඒවායේ ඇති පහසුකම් පිළිබඳව පුළුල් ප්‍රසිද්ධියක් ලබා දී කර්මාන්ත ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීමට විභවතාවය ඇති සුදුසු ආයෝජකයින් හඳුනාගෙන කර්මාන්ත ව්‍යාපෘති ආරම්භ කිරීමට අවස්ථාව ලබා දීම මගින් මෙම ඉලක්ක සපුරා ගැනීමට බලාපොරොත්තු වේ.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2014-02-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks