01

E   |     |  

 දිනය: 2013-06-20   පිළිතුර ලබා දී ඇත 

2578/2013: උතුරු පළාතේ නැවත පදිංචි කරවීමේ වැඩසටහන : සහන

2578/’12

 

ගරු සජිත් ප්‍රේමදාස මහතා,— නැවත පදිංචි කිරීමේ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      උතුරු පළාතේ නැවත පදිංචි කරවීමේ වැඩසටහන යටතේ පදිංචි කළ මුළු පවුල් සංඛ්‍යාව කොපමණද;

            (ii)      නැවත පදිංචි කරවීමේ වැඩසටහන යටතේ එක පවුලක් වෙනුවෙන් ලබාදෙන සහන කවරේද;

(iii) එක් පවුලක් සඳහා ලබාදෙන සහනවල වටිනාකම කොපමණද;

(iv) එම සහන එක් පවුලක් සඳහා ප්‍රමාණවත් වන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?   

(ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-06-20

අසන ලද්දේ

ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම.

අමාත්‍යාංශය

නැවත පදිංචි කිරීමේ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු ගුණරත්න වීරකෝන් මහතා

(மாண்புமிகு குணரத்ன வீரகோன்) 

(The Hon. Gunaratne Weerakoon)

ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.

(අ)          (i)      නැවත පදිංචි කිරීම යටතේ උතුරු පළාතේ පදිංචි කරන ලද පවුල් සංඛ්‍යාව පහතින් දැක්වේ. 

දිස්ත්‍රික්කය

පවුල් ගණන

සාමාජිකයින් සංඛ්‍යාව

කිලිනොච්චිය

    39,790

        128,384

මන්නාරම

     23,412

          89,839

මුලතිව්

     37,932

        121,140

යාපනය

     40,039

        125,705

වව්නියාව

     12,192

          42,140

මුළු ගණන

  153,365

        507,208

              (ii)      නැවත පදිංචි කළ එක් පවුලක් වෙනුවෙන් පහත සඳහන් ලබා දෙනු ලැබේ.

*  ඔවුන්ගේ  මුල් ගම් සඳහා යෑමට ප්‍රවාහන පහසුකම් ලබා දීම.

ඒ අය හිටපු  ස්ථානය තුළ ඒ අයට හිමි කුඩා නිවසේ ටකරන් සහ ඒ අවශ්‍ය දේවල් රැගෙන යන්නට හැම තැනටම ප්‍රවාහන පහසුකම් ලබා දුන්නා.

*  දින 03ක් සඳහා පිසූ ආහාර ලබා දීම.

* නැවත පදිංචි කිරීමෙන්  පසු මාස 06ක්  සඳහා  වියළි සලාක ලබා දීම. විශේෂ  තත්ත්වයන් යටතේ  මෙය මාස 09ක් දක්වා දීර්ඝ කළ අවස්ථා තිබෙනවා.               

* එක් පවුලකට  සිමෙන්ති කොට්ට 8 බැගින් ලබා දීම.

* එක පවුලකට සෙවිලි තහඩු 12 බැගින්  ලබා දීම.                                                                 

* තාවකාලික නිවාස ඉදි කර ගැනීම සඳහා  රුපියල් 25,000.00 මුදල්  ආධාර  ලබා දීම.                                                          

* කෘෂි උපකරණ කට්ටල්  ලබා දීම. සමහර පවුල් සඳහා අවශ්‍යතාව  සලකා බලා ලබා දී තිබෙනවා.                                             

* ආහාර නොවන ද්‍රව්‍ය කට්ටල -මදුරු දැල්/ඇඳ ඇතිරිලි/ මුළුතැන්ගෙයි භාණ්ඩ/රෙදි පිළි/ ගෙවතු උපකරණ ලබා  දී ඇත. සමහර පවුල් සඳහා අවශ්‍යතාව  සලකා බලා ලබා දී තිබෙනවා.                                                           

(iii)

ලබාදෙන සහන

පහත සඳහන් ආහාර ද්‍රව්‍ය හා ආහාර නොවන ද්‍රව්‍ය ලබා දී ඇත.

පවතින වෙළෙඳ ‍පොළ ව‍ටිනාකම අනුව ආසන්න වශයෙන් ව‍ටිනාකම්

පිසූ ආහාර

එක් පුද්ගලයෙක් සඳහා දිනකට රුපියල් 150.00 බැගින් දින 03ක් සඳහා රුපියල් 150.00 x 3

 රුපියල් 450.00

වියළි සලාක

එක් පුද්ගලයෙක් සඳහා මාස 06ක් සඳහා හාල්, පරිප්පු, තෙල් ද්‍රව්‍ය ලබා දීම.

එහි වටිනාකම          රුපියල් 6,840.00

සිමෙන්ති කොට්ට 08

එක් පවුලකට සිමෙන්ති කොට්ට 8 බැගින් එහි වටිනාකම රුපියල් 910.00 x 8

 රුපියල් 7,280.00

සෙවිලි තහඩු 12

එක් පවුලකට සෙවිලි තහඩු 12 බැගින් එහි වටිනාකම, රුපියල් 1,400.00 x 12

 රුපියල් 16800.00

මුදල් ආධාර

එක් පවුලකට රුපියල් 25,000ක් ආධාර ලබා දීම

 

කෘෂි උපකරණ කට්ටලය

අවශ්‍යතාව මත හඳුනා ගත් පවුල් සඳහා උපකරණ ලබා දී ඇත.

එහි වටිනාකම            රුපියල් 2,131.00

ආහාර නොවන ද්‍රව්‍ය  කට්ටලය

අවශ්‍යතාව මත හඳුනා ගත් පවුල් සඳහා භාණ්ඩ ලබා දී ඇත.

එහි වටිනාකම         රුපියල් 9,000.00

(iv) ඔව්.

(ආ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2013-06-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගරු ගුණරත්න වීරකෝන් මහතා, පා.ම., මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks