Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Engage with your Parliament by logging in
2578/’12
Hon. Sajith Premadasa,— To ask the Minister of Resettlement,—
(a) Will he inform this House—
(i) of the total number of families settled under the resettlement programme implemented in the Northern Province;
(ii) of the relief provided for a family under the resettlement programme;
(iii) of the value of the relief provided for a family; and
(iv) whether the aforesaid relief is sufficient for a family ?
(b) If not, why?
Asked Date
2013-06-20
Asked by
Hon. Sajith Premadasa, M.P.
Ministry
Resettlement
Legislature
Seventh Parliament of the D.S.R. of Sri Lanka
Session
First Session
ගරු ගුණරත්න වීරකෝන් මහතා
(மாண்புமிகு குணரத்ன வீரகோன்)
(The Hon. Gunaratne Weerakoon)
ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.
(අ) (i) නැවත පදිංචි කිරීම යටතේ උතුරු පළාතේ පදිංචි කරන ලද පවුල් සංඛ්‍යාව පහතින් දැක්වේ.
|
දිස්ත්‍රික්කය |
පවුල් ගණන |
සාමාජිකයින් සංඛ්‍යාව |
|
කිලිනොච්චිය |
39,790 |
128,384 |
|
මන්නාරම |
23,412 |
89,839 |
|
මුලතිව් |
37,932 |
121,140 |
|
යාපනය |
40,039 |
125,705 |
|
වව්නියාව |
12,192 |
42,140 |
|
මුළු ගණන |
153,365 |
507,208 |
(ii) නැවත පදිංචි කළ එක් පවුලක් වෙනුවෙන් පහත සඳහන් ලබා දෙනු ලැබේ.
* ඔවුන්ගේ මුල් ගම් සඳහා යෑමට ප්‍රවාහන පහසුකම් ලබා දීම.
ඒ අය හිටපු ස්ථානය තුළ ඒ අයට හිමි කුඩා නිවසේ ටකරන් සහ ඒ අවශ්‍ය දේවල් රැගෙන යන්නට හැම තැනටම ප්‍රවාහන පහසුකම් ලබා දුන්නා.
* දින 03ක් සඳහා පිසූ ආහාර ලබා දීම.
* නැවත පදිංචි කිරීමෙන් පසු මාස 06ක් සඳහා වියළි සලාක ලබා දීම. විශේෂ තත්ත්වයන් යටතේ මෙය මාස 09ක් දක්වා දීර්ඝ කළ අවස්ථා තිබෙනවා.
* එක් පවුලකට සිමෙන්ති කොට්ට 8 බැගින් ලබා දීම.
* එක පවුලකට සෙවිලි තහඩු 12 බැගින් ලබා දීම.
* තාවකාලික නිවාස ඉදි කර ගැනීම සඳහා රුපියල් 25,000.00 මුදල් ආධාර ලබා දීම.
* කෘෂි උපකරණ කට්ටල් ලබා දීම. සමහර පවුල් සඳහා අවශ්‍යතාව සලකා බලා ලබා දී තිබෙනවා.
* ආහාර නොවන ද්‍රව්‍ය කට්ටල -මදුරු දැල්/ඇඳ ඇතිරිලි/ මුළුතැන්ගෙයි භාණ්ඩ/රෙදි පිළි/ ගෙවතු උපකරණ ලබා දී ඇත. සමහර පවුල් සඳහා අවශ්‍යතාව සලකා බලා ලබා දී තිබෙනවා.
(iii)
|
ලබාදෙන සහන |
පහත සඳහන් ආහාර ද්‍රව්‍ය හා ආහාර නොවන ද්‍රව්‍ය ලබා දී ඇත. |
පවතින වෙළෙඳ පොළ වටිනාකම අනුව ආසන්න වශයෙන් වටිනාකම් |
|
පිසූ ආහාර |
එක් පුද්ගලයෙක් සඳහා දිනකට රුපියල් 150.00 බැගින් දින 03ක් සඳහා රුපියල් 150.00 x 3 |
රුපියල් 450.00 |
|
වියළි සලාක |
එක් පුද්ගලයෙක් සඳහා මාස 06ක් සඳහා හාල්, පරිප්පු, තෙල් ද්‍රව්‍ය ලබා දීම. |
එහි වටිනාකම රුපියල් 6,840.00 |
|
සිමෙන්ති කොට්ට 08 |
එක් පවුලකට සිමෙන්ති කොට්ට 8 බැගින් එහි වටිනාකම රුපියල් 910.00 x 8 |
රුපියල් 7,280.00 |
|
සෙවිලි තහඩු 12 |
එක් පවුලකට සෙවිලි තහඩු 12 බැගින් එහි වටිනාකම, රුපියල් 1,400.00 x 12 |
රුපියල් 16800.00 |
|
මුදල් ආධාර |
එක් පවුලකට රුපියල් 25,000ක් ආධාර ලබා දීම |
|
|
කෘෂි උපකරණ කට්ටලය |
අවශ්‍යතාව මත හඳුනා ගත් පවුල් සඳහා උපකරණ ලබා දී ඇත. |
එහි වටිනාකම රුපියල් 2,131.00 |
|
ආහාර නොවන ද්‍රව්‍ය කට්ටලය |
අවශ්‍යතාව මත හඳුනා ගත් පවුල් සඳහා භාණ්ඩ ලබා දී ඇත. |
එහි වටිනාකම රුපියල් 9,000.00 |
(iv) ඔව්.
(ආ) පැන නොනඟී.
Answered Date
2013-06-20
Answered by
Hon. GUNARATNE WEERAKOON, M.P.,, M.P.
Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Copyright © The Parliament of Sri Lanka.
All Rights Reserved.
Design & Developed by TekGeeks