පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2566/’12
ගරු සජිත් ප්‍රේමදාස මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) බෙන්තර ගඟේ වම් ඉවුර හා දකුණු ඉවුර ව්‍යාපාරවලට අයත් විශාල කුඹුරු ප්‍රමාණයක් පුරන්ව ඇති බව එතුමා දන්නෙහිද?
(ආ) (i) “අපි වවමු - රට නගමු” වැඩසටහන යටතේ එම කුඹුරු නැවත වගා කිරීමට ගත් පියවර කවරේද;
(ii) එම නැවත වගාකිරීමේ වැඩසටහනින් පසු ඉහත සඳහන් කුඹුරුවල අස්වැන්න වැඩිවී තිබේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) (i) බෙන්තර ගඟ ඔස්සේ ගලා එන මුහුදු ජලය හේතුවෙන් ඉහත සඳහන් කුඹුරු විනාශවන බව දන්නේද;
(ii) මුහුදු ජලය කුඹුරුවලට ගලායාම වැළැක්වීමට කිසියම් පියවරක් ගනු ලැබුවේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-06-18
අසන ලද්දේ
ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) ඔව්.
වම් ඉවුරට අයත් ගාල්ල දිස්ත්‍රික්කයේ බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හෙක්ටෙයාර් 1,193ක් පුරන් වී ඇති අතර, දකුණු ඉවුරට අයත් කළුතර දිස්ත්‍රික්කයට අදාළව හෙක්ටෙයාර 644ක් පුරන් වී ඇත.
(ආ) (i) දකුණු පළාත් සභා ප්‍රතිපාදන මඟින් වම් ඉවුරේ පුරන් කුඹුරු හෙක්ටෙයාර 27.6ක් සංවර්ධනය කර ඇති අතර, "අපි වවමු - රට නඟමු" ව්‍යාපෘතිය යටතේ දකුණු ඉවුරේද හෙක්ටෙයාර් 75ක් පමණ සංවර්ධනය කර ඇත.
(ii) ඔව්.
නැවත වගා කිරීමේ වැඩසටහනින් පසු කුඹුරුවල සාමාන්‍ය අස්වැන්න අක්කරයකට වී බුසල් 50-60 අතර ලැබී ඇත. මෙය එම ප්‍රදේශවල ලබා ගන්නා සාමාන්‍ය අස්වනු මට්ටමට වඩා ඉහළ යාමකි.
(ඇ) (i) ඔව්.
(ii) ඔව්.
· වම් ඉවුරේ කුඹුරුවලට මුහුදු ජලය ගලා යාම වැළැක්වීම සඳහා 1970 දී එම ජලය, ජල පොම්ප 05ක් යොදා ඉවත් කර ඇති අතර, එය යම් තරමක සාර්ථකත්වයක් පෙන්වා ඇතත් අධික වියදම හේතුවෙන් නොකඩවා ක්‍රියාත්මක කර නොමැත.
· දකුණු ඉවුරේ කුඹුරුවල ජලය බැස්සවීම සඳහා දිගු කාලීනව ඇල මාර්ගවල එකතු වී ඇති රොන් මඩ ඉවත් කිරීම සහ මුහුදු ජලය ඇල මාර්ගවලට පැමිණීම වැළැක්වීමට යොදා ඇති අක්‍රිය වූ ගේට්ටු අලුත්වැඩියා කිරීම කළුතර ප්‍රාදේශීය කාර්යාලය මඟින් ඉටු කරමින් පවතී.
· බෙන්තර ගඟ දකුණු ඉවුර ව්‍යාපාරයේ ඉත්තෑපාන කලාපයේ සංවර්ධනය සඳහා මූලික ශක්‍යතා අධ්‍යයන වාර්තාවක් මේ වන විට සකස් කර තිබෙන අතර, ඒ අනුව සකසන ලද රුපියල් මිලියන 80ක් පමණ වන ව්‍යාපෘති වාර්තාවක් ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා JICA ජාත්‍යන්තර ආයතනය වෙත ඉදිරිපත් කර තිබේ.
· ඊට අමතරව වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ රුපියල් මිලියන 12ක් පමණ වැය කර මිලදී ගත් යන්ත්‍රයක් (Dredger Machine) ඉත්තෑපාන කලාපයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා යොදවා තිබෙන අතර, එමඟින් ඉත්තෑපාන කලාපයේ ඉහළ ප්‍රදේශය වන ගම්මන වෙල් යාය ප්‍රතිසංස්කරණ කටයුතු දෙපාර්තමේන්තු ඍජු ප්‍රතිපාදන මඟින් මේ වන විට සිදු කරමින් පවතී.
(ඈ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2014-02-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks