පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1153/2024
ගරු නීතීඥ මධුර විතානගේ මහතා,— බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් පාලනය කරනු ලබන පුරාවිද්‍යා ස්ථාන සංඛ්‍යාව කොපමණද;
(ii) දේශීය හා විදේශීය සංචාරකයන් සඳහා එම ස්ථානවල විධිමත් සනීපාරක්ෂක පහසුකම් සලසා දී තිබේද;
(iii) පුරාවිද්‍යා ස්ථානවලට සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් මේ වනවිට ක්‍රියාත්මක කරනු ලබන වැඩපිළිවෙළ කවරේද;
(iv) පුරාවිද්‍යා ස්ථානවල අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට හා නව ඉදිකිරීම් වැළැක්වීමට නිසි ක්‍රියාමාර්ග ගෙන තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) පුරාවිද්‍යා ස්ථාන දැක්වෙන නිල වෙබ් අඩවිය යාවත්කාලීන කර තිබේද;
(ii) එසේ නම්, කොපමණ කාලයකට වරක් යාවත්කාලීන කිරීම් සිදු කරනු ලබන්නේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2024-04-09
අසන ලද්දේ
ගරු නීතිඥ මධුර විතානගේ මහතා, පා.ම.
අමාත්‍යාංශය
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
5 වැනි සභාවාරය
(අ) (i) පුරාවිද්‍යා ව්‍යාපෘති 24යි. ඒවා මෙසේයි.
1. අභයගිරිය ව්‍යාපෘතිය - (ස්මාරක විද්‍යාත්මක සංරක්ෂණ, උද්‍යාන නඩත්තු හා කෞතුකාගාර දෛනික ප්‍රදර්ශන කටයුතු)
2. මහාවිහාර ව්‍යාපෘතිය - (පුරාවිද්‍යා පරිශ්‍රයේ කැණීම්, සංරක්ෂණ හා උද්‍යාන නඩත්තු)
3. ජේතවන ව්‍යාපෘතිය - (ස්තූප විද්‍යාත්මක නඩත්තු, සංරක්ෂණ, උද්‍යාන නඩත්තු හා කෞතුකාගාර ප්‍රදර්ශන කටයුතු)
4. නාමල් උයන ව්‍යාපෘතිය - (පුරාවිද්‍යා පරිශ්‍රයේ ගවේෂණ, සංරක්ෂණ හා නඩත්තු)
5. රිටිගල ව්‍යාපෘතිය - (ස්මාරක පරිශ්‍රයේ නඩත්තු කටයුතු)
6. පොළොන්නරුව ව්‍යාපෘතිය - (පුරාවිද්‍යා පරිශ්‍රයේ කැණීම්, සංරක්ෂණ හා උද්‍යාන නඩත්තු, කෞතුකාගාර ප්‍රදර්ශන හා නඩත්තු)
7. සීගිරිය ව්‍යාපෘතිය - (උද්‍යානයේ කැණීම්, සංරක්ෂණ, කෞතුකාගාර ප්‍රදර්ශන හා නඩත්තු)
8. දඹුල්ල ව්‍යාපෘතිය - (ලෙන් විහාර සිතුවම් හා මූර්ති සංරක්ෂණ, කෞතුකාගාර ප්‍රදර්ශන හා නඩත්තු)
9. ඉබ්බන්කටුව ව්‍යාපෘතිය - (නඩත්තු කටයුතු)
10. මහනුවර ව්‍යාපෘතිය - (පුස්කොළ පොත් සංරක්ෂණය, වාස්තු විද්‍යාත්මක සංරක්ෂණ, නඩත්තු, බිතුසිතුවම් සංරක්ෂණ හා කෞතුකාගාර ප්‍රදර්ශන කටයුතු)
11. රම්බා විහාරය ව්‍යාපෘතිය - (ස්මාරක සංරක්ෂණ හා නඩත්තු)
12. තිස්සමහාරාමය ව්‍යාපෘතිය - (ස්මාරක සංරක්ෂණ හා නඩත්තු)
13. ගාල්ල ව්‍යාපෘති - (මුහුදු පුරාවිද්‍යා ඒකකය, සංරක්ෂණ, ගාලු කොටුව නඩත්තු හා කෞතුකාගාර කටයුතු)
14. මාතර ව්‍යාපෘතිය - (පැරණි ගොඩනැඟිලි සංරක්ෂණ, නඩත්තු හා චිත්‍ර සංරක්ෂණය)
15. යාපහුව ව්‍යාපෘතිය - (පුරාවිද්‍යා පරිශ්‍රයේ සංරක්ෂණ, නඩත්තු)
16. දඹදෙණිය ව්‍යාපෘතිය - (පුරාවිද්‍යා පරිශ්‍රයේ සංරක්ෂණ, නඩත්තු, චිත්‍ර සංරක්ෂණය)
17. පඬුවස්නුවර ව්‍යාපෘතිය - (පුරාවිද්‍යා පරිශ්‍රයේ නඩත්තු හා සංරක්ෂණය)
18. කුරුණෑගල ව්‍යාපෘතිය - (රිදී විහාරය හා පුරාවිද්‍යා පරිශ්‍රයේ නඩත්තු හා වෙහෙරගොඩැල්ල ස්තූප සංරක්ෂණ කටයුතු)
19. යාපනය ව්‍යාපෘතිය - (සංචාරක ප්‍රවර්ධන හා කොටුව පරිශ්‍රයේ සංරක්ෂණ, නඩත්තු)
20. ත්‍රිකුණාමලය ව්‍යාපෘතිය - (පැරණි ගොඩනැඟිලි සංරක්ෂණය හා කොටුව පරිශ්‍ර නඩත්තු)
21. මොනරාගල ව්‍යාපෘතිය - (බුදුරුවගල බෝට්ටු සේවය හා ආරුක්කු නවය පාලම ආශ්‍රිත සංචාරක ප්‍රවර්ධනය හා සංරක්ෂණ, නඩත්තු)
22. රත්නපුර ව්‍යාපෘතිය - (රත්නපුර හා තදාශ්‍රිත ප්‍රදේශ පර්යේෂණ හා සංරක්ෂණ කටයුතු)
23. මඩකලපුව ව්‍යාපෘතිය - (කායන්කේනි සංචාරක ප්‍රවර්ධන හා නඩත්තු, නෙළුගල ස්තූප සංරක්ෂණය කටයුතු)
24. අම්පාර ව්‍යාපෘතිය - (ලාහුගල මගුල්මහා විහාර පරිශ්‍රයේ සංරක්ෂණ හා පුරාවිද්‍යා පරිශ්‍රයේ නඩත්තු)
(ii) ඔව්.
(iii) පුරාවිද්‍යා ස්ථානවලට සංචාරකයන් ආකර්ෂණය කරගැනීම සඳහා ක්‍රියාත්මක කර ඇති වැඩ පිළිවෙළ:
1. සීගිරිය ව්‍යාපෘතියේ ඉර සේවය නැරඹීම සඳහා අවස්ථාව ලබා දීම.
2. සීගිරියේ සංචාරක තදබදය අවම කර ගැනීම සඳහා විකල්ප මාර්ග ඉදිකිරීම.
3. ක්‍රමවත්ව උද්‍යාන අලංකරණය.
4. මොනරාගල වැවෙහි බෝට්ටු සේවය ස්ථාපනය කිරීම.
5. සංචාරක පොලීසිය හා ආයතන ආරක්ෂක අංශ සමඟ එක්ව සංචාරකයන්ට බාහිර වෙළෙඳුන්ගෙන් වන හිරිහැර වළක්වා ගැනීමට කටයුතු කිරීම.
6. අවශ්‍ය පරිදි සනීපාරක්ෂක පහසුකම් ලබා දීම.
7. නාම පුවරු ප්‍රදර්ශනය කිරීම හා රථවාහන ගාල් කිරීම ක්‍රමවත් කිරීම හා පෙත්මං සැකසීම, අත්පත්‍රිකා ලබා දීම.
8. තොරතුරු මධ්‍යස්ථාන හා අනුරූ අළෙවිසැල් ස්ථාපනය කිරීම.
9. දේශීය සංස්කෘතික සංදර්ශන ඉදිරිපත් කිරීම.
10. ජාතික උත්සව සඳහා සංචාරකයන් සහභාගි කර ගැනීම. (සංචාරක දිනය, අවුරුදු උත්සව)
(iv) පුරාවිද්‍යා ස්ථානවල අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල ඍජු මැදිහත්වීමක් නොකරයි. ඒ සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අවශ්‍ය කටයුතු කරනු ලබන අතර, මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් අවශ්‍ය සහයෝගය ලබා දෙනු ඇත.
(ආ) (i) ඔව්.
(ii) දිනපතා යාවත්කාලීන කරනු ලැබේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2024-05-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු විදුර වික්‍රමනායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks