01

E   |     |  

 දිනය: 2024-03-07   පිළිතුර ලබා දී ඇත 

1149/2024: කළුතර, හොරණ සහ මතුගම අධ්‍යාපන කලාපවල දෙමළ මාධ්‍ය පාසල්: ගුරු පුරප්පාඩු

1149/2024

ගරු ලලිත් වර්ණ කුමාර මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       කළුතර, හොරණ සහ මතුගම යන එක් එක් අධ්‍යාපන කලාපයේ ඇති දෙමළ මාධ්‍ය පාසල් සංඛ්‍යාව;

             (ii)       එම එක් එක් අධ්‍යාපන කලාපයේ මේ වනවිට පවතින දෙමළ මාධ්‍ය ගුරු පුරප්පාඩු සංඛ්‍යාව;

(iii) මෑතකදී විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරීන්ට ගුරු පත්වීම් ලබා දීමේදී, ඉහත සඳහන් එක් එක් අධ්‍යාපන කලාපයට පත් කරන ලද දෙමළ මාධ්‍ය ගුරුවරුන් සංඛ්‍යාව;

වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) (i) සිසුන් 620ක් පමණ ඉගෙනුම ලබන කළුතර අධ්‍යාපන කලාපයේ ඇති
කළු/අල්-හසනියා මහා විද්‍යාලයේ ගණිත ගුරුවරයෙකුගේ පුරප්පාඩුව ඇතුළුව මේ වනවිට ගුරු පුරප්පාඩු 15ක් පමණ පවතින බව දන්නේද;

(ii) එසේ නම්, එම ගුරු පුරප්පාඩු පිරවීමට පියවර ගන්නේද;

(iii) ඉහත පාසලේ  ප්‍රමාණවත් පරිදි ගොඩනැගිලි පහසුකම් නොමැති බව දන්නේද;

(iv) දානපතියන්ගේ සහයෝගයෙන් ඉදිකරමින් පවතින පන්ති කාමර 12කින් යුත් තෙමහල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතින බව දන්නේද;

(v) එම පන්ති කාමර 12 සඳහා මේස හා පුටු  ලබා දීමට පියවර ගන්නේද;

යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?  

 

අසන ලද දිනය

2024-03-07

අසන ලද්දේ

ගරු ලලිත් වර්ණ කුමාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      කළුතර, හොරණ සහ මතුගම යන එක් එක් අධ්‍යාපන කලාපයේ ඇති දෙමළ මාධ්‍යය ජාතික පාසල් හා පළාත් පාසල් සංඛ්‍යාව පහත පරිදි වේ.   

අධ්‍යාපන කලාපය

ජාතික පාසල් සංඛ්‍යාව

පළාත් පාසල් සංඛ්‍යාව

කළුතර

02

23

හොරණ

-

19

මතුගම

-

*15

* 2022 වර්ෂය වන විට පළාත් පාසල් සංඛ්‍යාව 16ක් වූ අතර, සිසුන් අඩුවීම හේතුවෙන් එක් පාසලක් 2022 වර්ෂයේ වසා ඇත.

 

              (ii)      එම එක් එක් අධ්‍යාපන කලාපයේ ජාතික පාසල්වල මේ වන විට පවතින දෙමළ භාෂා ගුරු පුරප්පාඩු

මෙම කලාප අතුරින් කළුතර කලාපයේ පමණක් පවතින දෙමළ මාධ්‍ය ජාතික පාසල් දෙකෙහි මේ වන විට දෙමළ මාධ්‍යය ගුරු පුරප්පාඩු 17ක් පවතින අතර, එම පාසල්වලින් එක් පාසලක් වන කළු/අලුත්ගම්වීදිය මුස්ලිම් බාලිකා විද්‍යාලයෙහි දෙමළ භාෂා ගුරු පුරප්පාඩු 01ක් පවතී.

කළුතර කලාපයේ දෙමළ මාධ්‍ය ජාතික පාසල්හි පවතින දෙමළ මාධ්‍ය ගුරු පුරප්පාඩු සංඛ්‍යාව විෂය මට්ටමින් දක්වා ඇත. එය ඇමුණුමෙහි** දක්වා ඇත.

එම එක් එක් අධ්‍යාපන කලාපයේ පළාත් පාසල්වල මේ වන විට පවතින දෙමළ භාෂා ගුරු පුරප්පාඩු

කළුතර - 273

හොරණ - 147

මතුගම -   32

(iii) 2023.06.19 දින සිට ක්‍රියාත්මක වන පරිදි ලබා දුන් විද්‍යා පීඨ ගුරු පත්වීම්වලින් කළුතර, හොරණ සහ මතුගම යන අධ්‍යාපන කලාපයේ ජාතික පාසල් සඳහා පත් කරන ලද දෙමළ මාධ්‍ය  ගුරුවරුන් සංඛ්‍යාව (දෙමළ භාෂා විෂයන් හැර) පහත පරිදි වේ.

 

විෂයය  

ජාතික පාසල්

කළුතර කලාපය

හොරණ කලාපය

මතුගම කලාපය

ප්‍රාථමික අධ්‍යාපනය (දෙමළ මාධ්‍ය)

06

-

-

ගණිතය (දෙමළ මාධ්‍ය)

01

-

-

සමාජීය විද්‍යාව (දෙමළ මාධ්‍ය)

01

-

-

චිත්‍ර (දෙමළ මාධ්‍ය)

01

-

-

ශාරීරික අධ්‍යාපනය (දෙමළ මාධ්‍ය)

01

-

-

ගෘහ ආර්ථික විද්‍යාව (දෙමළ මාධ්‍ය)

01

-

-

මුළු එකතුව

11

-

-

විද්‍යා පීඨ ගුරු පත්වීම්වලින් කළුතර, හොරණ සහ මතුගම කලාපයේ ජාතික පාසල් වෙත ස්ථානගත කර ඇති දෙමළ භාෂා ගුරුවරුන් සංඛ්‍යාව පහත පරිදි වේ.

කළුතර කලාපය  -  පළමු බස (‍දෙමළ) විෂයය සඳහා ගුරුවරුන්    -  01

දෙවන බස (දෙමළ) විෂයය සඳහා ගුරුවරුන්  -  01

හොරණ කලාපය -  දෙවන බස (දෙමළ) විෂයය සඳහා ගුරුවරුන්  -  01

• බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් යොමු කරන ලද තොරතුරු අනුව 2023.06.19 දින සිට ක්‍රියාත්මක වන පරිදි ලබා දුන් විද්‍යා පීඨ ගුරු පත්වීම්වලින් බස්නාහිර පළාතට දෙමළ මාධ්‍ය  ගුරුවරුන් 79ක ප්‍රමාණයක් ස්ථානගත කර ඇති අතර, ඒ අතරින් කළුතර, හොරණ සහ මතුගම කලා‍පයේ පළාත් පාසල් සඳහා පත් කරන ලද දෙමළ භාෂා ගුරුවරුන් සංඛ්‍යාව පහත පරිදි වේ.

කළුතර කලාපය  -  පළමු බස (දෙමළ) විෂයය සඳහා ගුරුවරුන් -  03

දෙවන බස (දෙමළ) විෂයය සඳහා ගුරුවරුන් - 02

(ආ) (i) 2023.12.31 දිනට මුළු ගුරු පුරප්පාඩු 17ක් පැවතිණ.

(ii) ඔව්. නව විද්‍යා පීඨ පත්වීම් ලද ගුරුවරුන් 03 දෙනෙකු මෙම පාසල සඳහා ස්ථාන ගත කර ඇත.

(iii) ඔව්.

(iv) ඔව්.

(v) ඔව්. පසුගිය වර්ෂය තුළදී 2024 වර්ෂය සඳහා අවශ්‍යතා කැඳවා ඇතත්, මේ වනතෙක් එම පාසලින් ඉල්ලීමක් ඉදිරිපත් කර නොමැත. ඊට අදාළ ඉල්ලීමක් ලද පසු ඒ සඳහා කටයුතු කරනු ලැබේ.

(ඇ)        අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2024-03-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks