පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2531/’12
ගරු අනුර දිසානායක මහතා,— උසස් අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨවල සායනික පුහුණුව සඳහා වන මහාචාර්ය ඒකක (Professor Units) ඇති රෝහල් කවරේද;
(ii) එම එක් එක් මහාචාර්ය ඒකකය 2012 මාර්තු 31 දින වනවිට අනුයුක්තව සිටින මහාචාර්යවරුන්, විශේෂඥ වෛද්‍යවරුන්, පශ්චාත් උපාධිය හදාරන වෛද්‍යවරුන් (Senior Registrar සහ Registrar), ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරීන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) එම එක් එක් මහාචාර්ය ඒකකයේ කටයුතු සඳහා පවතින ශල්‍යාගාර සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) රජරට වෛද්‍ය පීඨයේ සායනික පුහුණුව සඳහා වන අනුරාධපුර මහ රෝහලේ මහාචාර්ය ඒකකය විවෘත කළ දිනය කවරේද;
(ii) දැනට එම මහාචාර්ය ඒකකයේ පුහුණුව ලබන වෛද්‍ය සිසුන් සංඛ්‍යාව කොපමණද;
(iii) එහි පුහුණුව ලබන වෛද්‍ය සිසුන්ට ඉගැන්වීමට ප්‍රමාණවත් වෛද්‍යවරුන්, ශල්‍යාගාර, වාට්ටු සහ ඒවා පවත්වාගෙන යාමට අවශ්‍ය කාර්ය මණ්ඩලය හා උපකරණ තිබේද;
(iv) නොඑසේ නම්, එම මූලික අවශ්‍යතා සම්පූර්ණ කිරීමට ගතවන කාලය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-11-10
අසන ලද්දේ
ගරු අනුර දිසානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
උසස් අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු එස්.බී. දිසානායක මහතා
(மாண்புமிகு எஸ்.பி. திசாநாயக்க)
(The Hon. S.B. Dissanayake)
ගරු කථානායකතුමනි, මම එම ප්‍රශ්නයට පිළිතුර දෙනවා.
(අ) (i) අනුරාධපුර ශික්ෂණ රෝහල;
කොළඹ ජාතික ශික්ෂණ රෝහල;
කරාපිටිය ශික්ෂණ රෝහල;
උතුරු කොළඹ ශික්ෂණ රෝහල;
දකුණු කොළඹ ශික්ෂණ රෝහල;
පේරාදෙණිය ශික්ෂණ රෝහල.
යාපනය රෝහල ශික්ෂණ රෝහලක තත්ත්වයට තවම දියුණු වෙලා නැහැ. නමුත් මහාචාර්ය ඒකකයක් ක්‍රියාත්මක වෙනවා. මඩකලපුවේ තවම මහාචාර්ය ඒකකයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක හදාගෙන යනවා. හැබැයි එතැන ශික්ෂණ රෝහලක් හැටියට කටයුතු කරනවා.
(ii) ඇමුණුම I හි දක්වා ඇත.
(iii) ඇමුණුම II හි දක්වා ඇත. ඇමුණුම් සභාගත* කරමි.
(ආ) (i) 2012 පෙබරවාරි 09.
(ii) 167 යි.
(iii) ඔව්.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2013-04-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු එස්. බී. දිසානායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks