පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2529/’12
ගරු අනුර දිසානායක මහතා,— උසස් අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) විශ්වවිද්‍යාල සිසුන් සඳහා ලැප්ටොප් පරිගණක ලබාදීමේ ව්‍යාපෘතියක් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන්නේද;
(ii) එම පරිගණක ලබාදීම සඳහා සිසුන් තෝරා ගැනීමේ නිර්ණායක කවරේද;
(iii) මේ වනවිට ලැප්ටොප් පරිගණක ලබාදී ඇති සිසුන් සංඛ්‍යාව කොපමණද;
(iv) අනෙකුත් විශ්වවිද්‍යාල සිසුන්ට ලැප්ටොප් පරිගණක ලබාදීමට කොපමණ කාලයක් ගතවේද;
(v) ඒ සඳහා වැයවෙතැයි අපේක්‍ෂිත මුළු මුදල කොපමණද;
(vi) එම මුදල් සොයා ගැනීම සඳහා සකස් කරන වැඩපිළිවෙළ කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-10-25
අසන ලද්දේ
ගරු අනුර දිසානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
උසස් අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු නන්දිමිත්‍ර ඒකනායක මහතා
(மாண்புமிகு நந்திமித்ர ஏக்கநாயக்க )
(The Hon. Nandimithra Ekanayake)
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, උසස් අධ්‍යාපන අමාත්‍යතුමා වෙනුවෙන් මම එම ප්‍රශ්නයට පිළිතුර දෙනවා.
(අ) (i) නැත.
එහෙත් විශ්වවිද්‍යාල සිසුන්ගේ දැනුම වර්ධනය කිරීමට නවීන තාක්ෂණය උපයෝගි කර ගනිමින් ඔවුන් ජාත්‍යන්තර මට්ටමට ගෙන ඒම සඳහා ලැප්ටොප් පරිගණක ලබා දීම සුදුසු බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිරීක්ෂණය කරන ලදී. ඒ අනුව විශ්වවිද්‍යාල සිසුන් සඳහා ලැප්ටොප් පරිගණක ලබා දීම සම්බන්ධයෙන් මෙම අමාත්‍යාංශයේ කාර්ය භාරය වූයේ සිසුන් විසින් ලැප්ටොප් පරිගණක මිලදී ගැනීමට යෑමේදී ඇති වන අධි ඉල්ලුම සැලකිල්ලට ගෙන ලැප්ටොප් පරිගණක ආනයනකරුවන්, දේශීය එකලස්කරුවන් සහ ඒවා අළෙවි කරන්නන් සාමාන්‍ය වෙළඳ පොළ තත්ත්වය විකෘති කරමින්, ඒවායේ තත්ත්වය බාල කිරීම හා අධික ලෙස මිල ඉහළ දැමීම වළක්වා සාධාරණ මිලකට, වගකීමකින් යුත් හොඳ තත්ත්වයේ මෙන්ම අළෙවියෙන් පසු සේවා සපයන සැපයුම්කරුවකුගෙන් ලැප්ටොප් පරිගණක සිසුන් වෙත ලබා දීමයි.
ඒ අනුව කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අංශයේ විශේෂඥ කමිටුවක් මඟින් සකසන ලද වෛද්‍ය, ඉංජිනේරු සහ කළමනාකරණය ආදි පාඨමාලාවන්ට උපයෝගි කර ගත හැකි පිරිවිතරයන්ට අනුකූලව ලැප්ටොප් පරිගණක සැපයීම සඳහා 2011 මාර්තු 10 දින දිනමිණ, ඩේලි නිවුස්, තිනකරන් යන පුවත් පත්වල භාෂාත්‍රයෙන්ම ප්‍රසිද්ධ දැන්වීමක් පළ කර අභිලාෂයන් (EOI) කැඳවා ඉහත කමිටුවේ නිර්දේශය අනුව ලැප්ටොප් පරිගණක සැපයීමට අවකාශ සලසා ඇත. එමෙන්ම එම ලැප්ටොප් පරිගණක මිලදී ගැනීම සඳහා මෙම අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් රජයේ හා පෞද්ගලික අංශයේ බැංකු සියල්ල සමඟ සාකච්ඡා කොට අවම පොලී අනුපාතයක් යටතේ සහ ආපසු ගෙවීමේ සහනදායී කොන්දේසිවලට එකඟ වූ බැංකු මඟින් සිසුන් වෙත ණය මුදල නිකුත් කර ඇත.
(ii) ලැප්ටොප් පරිගණක අවශ්‍ය 2011 වර්ෂයේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන සිසුන්ගේ ඉල්ලීම මත.
(iii) 2012.10.10 දිනට ලැප්ටොප් පරිගණක 1,716කි.
(iv) අදාළ නොවේ.
(v) මෙම අමාත්‍යාංශයෙන් මුදල් වැය නොවේ.
(vi) ඉහත (i) අනුව අදාළ නොවේ.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2012-10-25
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගරු නන්දිමිත්‍ර ඒකනායක මහතා, පා.ම., මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks