01

සි   |     |  

 Date: 2012-10-25   Answered 

2529/2012: PROJECT TO PROVIDE LAPTOP COMPUTERS TO UNIVERSITY STUDENTS : EXPENDITURE

2529/’12

Hon. Anura Dissanayaka,— To ask the Minister of Higher Education,—

(a) Will he inform this House—

(i) whether a project to provide laptop computers to university students is being implemented by the Ministry of Higher Education;

(ii) the criteria adopted for selecting undergraduates to provide computers;

(iii) the number of undergraduates who have been provided with laptop computers by now;

(iv) the period of time that will be taken to provide laptop computers to the other undergraduates;

(v) the total amount of money expected to be spent for the project; and

(vi) the programme that will be prepared to obtain the aforesaid amount of money ?

(b) If not, why?

 

Asked Date

2012-10-25

Asked by

Hon. Anura Dissanayaka, M.P.

Ministry

Higher Education

Legislature

Seventh Parliament of the D.S.R. of Sri Lanka

Session

First Session

Question History

Answer

ගරු නන්දිමිත්‍ර ඒකනායක මහතා

(மாண்புமிகு நந்திமித்ர ஏக்கநாயக்க )

(The Hon. Nandimithra Ekanayake)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, උසස් අධ්‍යාපන අමාත්‍යතුමා වෙනුවෙන් මම එම ප්‍රශ්නයට පිළිතුර දෙනවා.

 (අ) (i) නැත.

එහෙත් විශ්වවිද්‍යාල සිසුන්ගේ දැනුම වර්ධනය කිරීමට නවීන තාක්ෂණය උපයෝගි කර ගනිමින් ඔවුන් ජාත්‍යන්තර මට්ටමට ගෙන ඒම සඳහා ලැප්ටොප් පරිගණක ලබා දීම සුදුසු බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිරීක්ෂණය කරන ලදී. ඒ අනුව විශ්වවිද්‍යාල සිසුන් සඳහා ලැප්ටොප් පරිගණක ලබා දීම සම්බන්ධයෙන් මෙම අමාත්‍යාංශයේ කාර්ය භාරය වූයේ සිසුන් විසින් ලැප්ටොප් පරිගණක මිලදී ගැනීමට යෑමේදී ඇති වන අධි ඉල්ලුම සැලකිල්ලට ගෙන ලැප්ටොප් පරිගණක ආනයනකරුවන්, දේශීය එකලස්කරුවන් සහ ඒවා අළෙවි කරන්නන් සාමාන්‍ය වෙළඳ පොළ තත්ත්වය විකෘති කරමින්, ඒවායේ තත්ත්වය බාල කිරීම හා අධික ලෙස මිල ඉහළ දැමීම වළක්වා සාධාරණ මිලකට, වගකීමකින් යුත් හොඳ තත්ත්වයේ මෙන්ම අළෙවියෙන් පසු සේවා සපයන සැපයුම්කරුවකුගෙන් ලැප්ටොප් පරිගණක සිසුන් වෙත ලබා දීමයි.

 ඒ අනුව කොළඹ විශ්වවිද්‍යා‍ලයේ පරිගණක අංශයේ විශේෂඥ කමිටුවක් මඟින් සකසන ලද වෛද්‍ය, ඉංජිනේරු සහ කළමනාකරණය ආදි පාඨමාලාවන්ට උපයෝගි කර ගත හැකි පිරිවිතරයන්ට අනුකූලව ලැප්ටොප් පරිගණක සැපයීම සඳහා 2011 මාර්තු 10 දින දිනමිණ, ඩේලි නිවුස්, තිනකරන් යන පුවත් පත්වල භාෂාත්‍රයෙන්ම ප්‍රසිද්ධ දැන්වීමක් පළ කර අභිලාෂයන් (EOI) කැඳවා ඉහත කමිටුවේ නිර්දේශය අනුව ලැප්ටොප් පරිගණක සැපයීමට අවකාශ සලසා ඇත.  එමෙන්ම එම ලැප්ටොප් පරිගණක මිලදී ගැනීම සඳහා මෙම අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් රජයේ හා පෞද්ගලික අංශයේ බැංකු සියල්ල සමඟ සාකච්ඡා කොට අවම පොලී අනුපාතයක් යටතේ සහ ආපසු ගෙවීමේ සහනදායී කොන්දේසිවලට එකඟ වූ බැංකු මඟින් සිසුන් වෙත ණය මුදල නිකුත් කර ඇත.

 (ii) ලැප්ටොප් පරිගණක අවශ්‍ය 2011 වර්ෂයේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන සිසුන්ගේ ඉල්ලීම මත.

(iii)  2012.10.10 දිනට ලැප්ටොප් පරිගණක 1,716කි.

(iv)   අදාළ නොවේ.

(v)    මෙම අමාත්‍යාංශයෙන් මුදල් වැය නොවේ.         

(vi)   ඉහත (i) අනුව අදාළ නොවේ.

 (ආ)     පැන නොනඟී.

 

Answered Date

2012-10-25

Answered by

Hon. NANDIMITHRA EKANAYAKE, M.P.,, M.P.





Copyright © The Parliament of Sri Lanka.

All Rights Reserved.

Design & Developed by  TekGeeks