පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2522/’12
ගරු බුද්ධික පතිරණ මහතා,— සීනි කර්මාන්ත සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) උක් පර්යේෂණ ආයතනය සඳහා 2011 වර්ෂයේ අය - වැය ලේඛනය මගින් වෙන් කරන ලද මුදල කොපමණද;
(ii) වෙන් කරන ලද මුදලින් වියදම් කරන ලද සත්‍ය වියදම කොපමණද;
(iii) 2012 අය - වැය මගින් එම ආයතනය සඳහා වෙන් කරන ලද මුදල කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) උක් පර්යේෂණ ආයතනය විසින් භාණ්ඩාගාර බිල්පත් හා ස්ථාවර තැන්පතුවල මුදල් ආයෝජනය කර තිබේද;
(ii) එසේ නම්, එලෙස ආයෝජනයකර ඇති මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-06-18
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
සීනි කර්මාන්ත සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 2011 වර්ෂයේ අය වැය ලේඛනය මඟින් උක් පර්යේෂණ ආයතනය සඳහා මුදල් වෙන් කර නොමැත.
(ii) අදාළ නොවේ.
(iii) 2012 වර්ෂයේ අය වැය ලේඛනය මඟින් උක් පර්යේෂණ ආයතනය සඳහා මුදල් වෙන් කර නොමැත.
(ආ) (i) ඔව්.
(ii) 2012.12.31 වන දිනට ආයෝජන භාණ්ඩාගාර බිල්පත් රුපියල් 122,682,035.00 ලංකා බැංකුවේ හා මහජන බැංකුවේ ස්ථාවර තැන්පත් රුපියල් 51,929,766.00
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2014-01-17
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks