පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2521/’12
ගරු බුද්ධික පතිරණ මහතා,— පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 1978 වර්ෂයේ සිට 2005 වර්ෂයේ ඔක්තෝබර් දක්වා පත්වූ විධායක ජනාධිපතිවරුන් විසින් ලබාදී ඇති ජනාධිපති සමාව යටතේ සිර දඩුවම්වලින් නිදහස ලබා ඇති පුද්ගලයින් සංඛ්‍යාව කොපමණද;
(ii) එසේ නිදහස ලැබූවන්ගේ නම් සහ ලිපිනයන් කවරේද;
යන්න වාර්ෂිකව, වෙන් වෙන් වශයෙන් එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-06-18
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු චන්ද්‍රසිරි ගජදීර මහතා (පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා)
(மாண்புமிகு சந்திரசிறி கஜதீர - புனர்வாழ்வளிப்பு, சிறைச்சாலைகள் மறுசீரமைப்பு அமைச்சர்)
(The Hon. Chandrasiri Gajadeera - Minister of Rehabilitation and Prison Reforms)
ගරු කථානායකතුමනි, ගරු බුද්ධික පතිරණ මන්ත්‍රීතුමා අසා තිබෙන්නේ 1978 සිට 2005 දක්වා වර්ෂවල තොරතුරු රැසක් ඉල්ලන ප්‍රශ්නයක්. බන්ධනාගාර දෙපාර්තමේන්තුව වසර පහෙන් පහට මේ ලේඛන ඉවත් කරනවා. තවත් සමහර ඒවා දිරාපත් වෙලා. 1978 සිට 2005 දක්වා අවුරුදු විසි ගණනක් පැරණි විස්තර තමයි ගරු මන්ත්‍රීතුමා අහන්නේ. නමුත් 2000 වර්ෂයේ සිට තොරතුරු මම මේ සභාවට ඉදිරිපත් කරනවා.
ගරු කථානායකතුමනි, ඒ ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.
(අ) (i) 1978 වර්ෂයේ සිට ලිපි ලේඛන දිරාපත් වී ඇති අතර වසර 05ට වැඩි ලිපි ලේඛන භාවිතයෙන් ඉවත් කර ඇත. 2000 වර්ෂයේ සිට සංඛ්‍යාත්මක තොරතුරු ඇතුළත් ලේඛනයට අනුව 2000 වර්ෂයේ සිට 2005 වර්ෂය දක්වා විධායක ජනාධිපතිවරු විසින් ලබා දී ඇති ජනාධිපති සමාව යටතේ සිර දඬුවම්වලින් නිදහස ලබා ඇති පුද්ගලයන් සංඛ්‍යාව වර්ෂ අනුව වෙන් වෙන් වශයෙන් පහතින් සඳහන් කරමි.
වර්ෂය නිදහස් වී ඇති සංඛ්‍යාව
1. 2000.02.04 1653 - නිදහස් දිනය වෙනුවෙන්
2. 2001.02.04 1371 - නිදහස් දිනය වෙනුවෙන්
3. 2001.08.24 959 - 1953 හර්තාල් සැමරීම වෙනුවෙන්
4. 2002.02.04 3052 - නිදහස් දිනය වෙනුවෙන්.
5. 2002.05.26 2724 - වෙසක් දිනය වනුවෙන්
6. 2002.12.25 1165 - නත්තල් දිනය වෙනුවෙන්
7. 2003.02.04 1173 - නිදහස් දිනය වෙනුවෙන්
8. 2003.05.15 1513 - වෙසක් දිනය වෙනුවෙන්
9. 2004.02.04 2359 - නිදහස් දිනය වෙනුවෙන්
10. 2004.05.24 1625 - වෙසක් දිනය වෙනුවෙන්
11. 2004.11.12 1517 - ජනපති පදවි ප්‍රාප්තිය වෙනුවෙන්
12. 2005.02.04 2527 - නිදහස් දිනය වෙනුවෙන්
(ii) නිදහස්ව ගොස් ඇති සිරකරුවන්ගේ විස්තර ඇතුළත් වාර්තා වසර 05කට පසුව භාවිතයේ තබා ගැනීමක් සිදු නො වෙන බැවින් එම ලිපි ලේඛන විනාශ වි ඇත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2013-06-18
විසින් පිළිතුරු දෙන ලදී
ගරු චන්ද්‍රසිරි ගජදීර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks