පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2519/’12
ගරු බුද්ධික පතිරණ මහතා,— ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කළුතර දිස්ත්‍රික්කයේ, අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, ගලේවත්ත ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් එම ආයතනය තුළ මූල්‍ය වංචා සිදු කිරීම සම්බන්ධයෙන් ජනාධිපති විමර්ශන අංශය මගින් විමර්ශනයක් පැවැත්වූ බවත්;
(ii) එම විමර්ශන කටයුතුවලදී ඔහුගේ මූල්‍ය වංචා තහවුරු වූ බවට ජනාධිපති ලේකම්තුමාට ලිඛිතව දන්වා ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) මුල්‍ය වංචා සම්බන්ධයෙන් චෝදනා ලැබූවෙකු තවදුරටත් ඉහත සඳහන් ආයතනයේ සේවයේ තබා ගැනීම මුළු මහත් රාජ්‍ය සේවයම පරිහානියට පත් කිරීමට හේතුවක් වන බව එතුමා පිළිගන්නෙහිද?
(ඇ) (i) එසේ නම්, ඔහු සේවයෙන් ඉවත් කිරීමට කටයුතු කරන්නේද;
(ii) එසේ නම්, එම දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-06-19
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු වාසුදේව නානායක්කාර මහතා
(மாண்புமிகு வாசுதேவ நாணாயக்கார)
(The Hon. Vasudeva Nanayakkara)
ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේය.
(අ) (i) ඔව්.
(ii) ඔව්.
(ආ) නැත.
(ඇ) (i) නැත.
(ඇ) (ii) පැන නොනඟී.
(ඈ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2013-06-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks