පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2513/’12
ගරු සජිත් ප්‍රේමදාස මහතා,— නැවත පදිංචි කිරීමේ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) උතුරු පළාතේ, සම්පත්නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා තිබෙන මොනරවැව ගම්මානය, නැවත පදිංචි කරවීමේ වැඩපිළිවෙළ යටතේ බිහිවූ ගම්මානයක් බව පිළිගන්නෙහිද?
(ආ) (i) එම ගම්මානයේ නැවත පදිංචි කරවන ලද පවුල් සංඛ්‍යාව කොපමණද;
(ii) එම ගම්මානයේ නැවත පදිංචි කළ ජනතාවට රජයේ අනුග්‍රහයෙන් ලබා දෙන සහන කවරේද;
(iii) එක පවුලක් සඳහා එම සහන ලබාදීම වෙනුවෙන් රජය වැය කළ මුළු මුදල කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-05-10
අසන ලද්දේ
ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම.
අමාත්‍යාංශය
නැවත පදිංචි කිරීමේ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු ගුණරත්න වීරකෝන් මහතා (නැවත පදිංචි කිරීමේ අමාත්‍යතුමා)
(மாண்புமிகு குணரத்ன வீரகோன் - மீள்குடியேற்ற அமைச்சர்)
(The Hon. Gunaratne Weerakoon - Minister of Resettlement)
ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේය.
(අ) මොනරවැව ගම්මානය 1984 වර්ෂයේ ඇති කරන ලද්දක් වන අතර, එහි මුල් කාලයේ පවුල් 202ක් පදිංචිව සිට ඇත. 1999 වර්ෂයේදී ත්‍රස්තවාදි ග්‍රහණයට නතු වූ මෙම ගම්මානය 2008 වර්ෂයේ මානුෂීය මෙහෙයුම්වලින් පසුව නැවත අත් පත් කර ගන්නා ලදී. පසුව මෙම ගම්මානයේ බිම් බෝම්බ ඉවත් කිරීමෙන් අනතුරුව 2011.09.15 දින සිට මේ දක්වා ශ්‍රී ලංකා මහවැලි සංවර්ධන අධිකාරියේ එල් කලාප මහවැලි නේවාසික ව්‍යාපාර කළමනාකාර කාර්යාලය මඟින් නැවත පදිංචි කිරීම සිදු වෙමින් පවතී. මෙම ගම්මානය නැවත පදිංචි කිරීම යටතේ ඇති වූ නව ගම්මානයක් නොවන අතර, 1984 වර්ෂයේදී ඇති කරන ලද ගම්මානයකි.
(ආ) (i) 2013.03.31 දින වන විට මොනරවැව ගම්මානයේ නැවත පදිංචි කළ පවුල් සංඛ්‍යාව 109කි.
(ii) මුල් පදිංචි පවුල් 68ක් සඳහා නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත ක්‍රියාත්මක වැලිඔය තිරසාර නිවාස සංවර්ධන වැඩ සටහන යටතේ නිවාස ආධාර ලබා දී ඇත.
නැවත පදිංචි පවුල් සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සහ ලෝක ආහාර සංවිධානය යටතේ වියළි සලාක ලබා දී ඇති අතර, ස්ථිර ජල පහසුකම් සකස් කර ගන්නා තෙක් තාවකාලිකව පානීය ජල පහසුකම් ලබා දී ඇත.
(iii) නිවාස ආධාර ලෙස රුපියල් 325,000.00ක් පමණ.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2013-05-10
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගරු ගුණරත්න වීරකෝන් මහතා, පා.ම., මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks