01

සි   |     |  

 Date: 2013-05-10   Answered 

2513/2013: RESETTLEMENT IN MONARAWEWA VILLAGE : DETAILS

2513/’12

Hon. Sajith Premadasa,— To ask the Minister of Resettlement,—

(a) Will he admit that Monarawewa village in the Sampathnuwara Divisional Secretariat Division in the Northern Province is a village created under the resettlement programme?

(b) Will he state—

(i) the number of families that have been resettled in the aforesaid village ;

(ii) the nature of government assisted relief that is provided to the people who have been resettled in the aforesaid village ; and

(iii) the total amount of money spent by the government per family on providing the aforesaid relief?

(c) If not, why ?

 

Asked Date

2013-05-10

Asked by

Hon. Sajith Premadasa, M.P.

Ministry

Resettlement

Legislature

Seventh Parliament of the D.S.R. of Sri Lanka

Session

First Session

Question History

Answer

ගරු ගුණරත්න වීරකෝන් මහතා (නැවත පදිංචි කිරීමේ අමාත්‍යතුමා)

(மாண்புமிகு குணரத்ன வீரகோன் - மீள்குடியேற்ற அமைச்சர்)

(The Hon. Gunaratne Weerakoon - Minister of Resettlement)

ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේය.

(අ)       මොනරවැව ගම්මානය 1984 වර්ෂයේ ඇති කරන ලද්දක් වන අතර, එහි මුල් කාලයේ පවුල් 202ක් පදිංචිව සිට ඇත. 1999 වර්ෂයේදී ත්‍රස්තවාදි ග්‍රහණයට නතු වූ මෙම ගම්මානය 2008 වර්ෂයේ මානුෂීය මෙහෙයුම්වලින් පසුව නැවත අත් පත් කර ගන්නා ලදී. පසුව මෙම ගම්මානයේ බිම් බෝම්බ ඉවත් කිරීමෙන් අනතුරුව 2011.09.15  දින සිට මේ දක්වා ශ්‍රී ලංකා මහවැලි සංවර්ධන අධිකාරියේ එල් කලාප මහවැලි නේවාසික ව්‍යාපාර කළමනාකාර කාර්යාලය මඟින් නැවත පදිංචි කිරීම සිදු වෙමින් පවතී. මෙම ගම්මානය නැවත පදිංචි කිරීම යටතේ ඇති වූ නව ගම්මානයක් නොවන අතර, 1984 වර්ෂයේදී ඇති කරන ලද ගම්මානයකි.

(ආ) (i) 2013.03.31 දින වන විට මොනරවැව ගම්මානයේ නැවත පදිංචි කළ පවුල් සංඛ්‍යාව 109කි.

      (ii) මුල් පදිංචි පවුල් 68ක් සඳහා නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත ක්‍රියාත්මක වැලිඔය තිරසාර නිවාස සංවර්ධන වැඩ සටහන යටතේ නිවාස ආධාර ලබා දී ඇත.

නැවත පදිංචි පවුල් සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සහ ලෝක ආහාර සංවිධානය යටතේ වියළි සලාක ලබා දී ඇති අතර, ස්ථිර ජල පහසුකම් සකස් කර ගන්නා තෙක් තාවකාලිකව පානීය ජල පහසුකම් ලබා දී ඇත.

      (iii)  නිවාස ආධාර ලෙස රුපියල් 325,000.00ක් පමණ.

(ඇ)     පැන නොනඟී.

 

Answered Date

2013-05-10

Answered by

Hon. GUNARATNE WEERAKOON, M.P.,, M.P.





Copyright © The Parliament of Sri Lanka.

All Rights Reserved.

Design & Developed by  TekGeeks