04

E   |     |  

 දිනය: 2012-09-18   පිළිතුර ලබා දී ඇත 

2503/2012: ලියා පදිංචි ජනමාධ්‍යවේදීන් සහ ජනමාධ්‍ය ආයතන : විස්තර

2503/’12

 

ගරු තලතා අතුකෝරල මහත්මිය,— ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      2005 වර්ෂයේ සිට මේ දක්වා එක් එක් වර්ෂයේදී රජයේ ලියාපදිංචිවී සිටි ජනමාධ්‍යවේදීන්ගේ සංඛ්‍යාව;  

             (ii)      එම කාලය තුළදී අතුරුදන් වූ සහ ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන්ගේ සංඛ්‍යාව;

වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) (i) 2011 වර්ෂය වන විට ලියාපදිංචි කර ඇති පුවත්පත්, ගුවන්විදුලි සේවාවන්, රූපවාහිනී නාලිකා සහ වෙබ් අඩවි සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(ii) 2005 වර්ෂ‍යේ සිට මේ දක්වා තහනම් කරන ලද මාධ්‍ය ආයතන සංඛ්‍යාව කොපමණද;

(iii) එම එක් එක් මාධ්‍ය ආයතනය තහනම් කිරීමට හේතු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2012-09-18

අසන ලද්දේ

ගරු නීතිඥ තලතා අතුකෝරල මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු කෙහෙළිය රඹුක්වැල්ල  මහතා

(மாண்புமிகு கெஹெலிய ரம்புக்வெல்ல)

(The Hon. Keheliya Rambukwella)

ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි. මෙම ප්‍රශ්නයේ (අ) (i) සහ (ii) සඳහා දීර්ඝ විස්තරයක් තිබෙනවා.  ගරු මන්ත්‍රීතුමිය පිළිතුර කියවන්න ඕනෑද, සභාගත කරන්නද?

 

ගරු තලතා අතුකෝරල මහත්මිය

(மாண்புமிகு (திருமதி) தலதா அத்துகோரல)

(The Hon.  (Mrs.) Thalatha Atukorale) 

සභාගත කරන්න.

 

ගරු කෙහෙළිය රඹුක්වැල්ල  මහතා

(மாண்புமிகு கெஹெலிய ரம்புக்வெல்ல)

(The Hon. Keheliya Rambukwella)

 

එහෙමනම්,  පිළිතුර මා සභාගත* කරනවා.

 

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)    (i)   2005 වර්ෂය

දේශීය මාධ්‍යවේදින්                                             -                 2,723

විදේශීය මාධ්‍යවේදින්                                            -                 205

2004 සහ 2005 වර්ෂ සඳහා ප්‍රාදේශීය ජනමාධ්‍යවේදින්       -                 1,624

 

2006 වර්ෂය                                           2007 වර්ෂය

දේශීය මාධ්‍යවේදින්   -   2,904                      දේශීය මාධ්‍යවේදින් - 3,200

විදේශීය මාධ්‍යවේදින් -   214                          විදේශීය මාධ්‍යවේදින් - 280

2006 සහ 2007 වර්ෂ සඳහා ප්‍රාදේශීය ජනමාධ්‍යවේදින්- 1,702

 

2008 වර්ෂය                                            2009 වර්ෂය

දේශීය මාධ්‍යවේදින්  - 4,055                          දේශීය මාධ්‍යවේදින් - 3,225

විදේශීය මාධ්‍යවේදින්- 266                             විදේශීය මාධ්‍යවේදින් - 301

2008 සහ 2009 වර්ෂ සඳහා ප්‍රාදේශීය ජනමාධ්‍යවේදින්- 1,702

 

2010 වර්ෂය                                           2011 වර්ෂය

දේශීය මාධ්‍යවේදින් - 4,088                          දේශීය මාධ්‍යවේදින් - 3,367

විදේශීය මාධ්‍යවේදින්- 245                            විදේශීය මාධ්‍යවේදින් - 280

2010 සහ 2011 වර්ෂ සඳහා ප්‍රාදේශීය ජනමාධ්‍යවේදින්- 1,702

 

2012 වර්ෂය

දේශීය මාධ්‍යවේදින් - 2,884

විදේශීය මාධ්‍යවේදින් - 197

2012 සහ 2013 වර්ෂ සඳහා ප්‍රාදේශීය ජනමාධ්‍යවේදින්- 1,278

(ii) අතුරුදහන් වූ මාධ්‍යවේදින් සංඛ්‍යාව

2007 - 01

2010 - 01

2012.11.23 දක්වා - 01

 

ඝාතනයට ලක්වූ මාධ්‍යවේදින් සංඛ්‍යාව

2005 - 02

2006 - 01

2007 - 02

2008 - 02

2009 - 01

 

(ආ) (i) පුවත් පත් - 167

ගුවන්විදුලි සේවාවන් - 62

රූපවාහිනී නාලිකා - 24

වෙබ් අඩවි - 51

(ii) ආයතන - 01

නාලිකා - 01

(iii) හිරු FM නාලිකාව මඟින් වැරැදි තොරතුරු ප්‍රවෘත්ති විකාශය හරහා ප්‍රචාරය කිරීම හේතුවෙන් ඒෂියා බ්‍රෝඩ්කාස්ටින් කෝපරේෂන් මාධ්‍ය ජාලය තහනම් කරන ලදී.

මාධ්‍ය ආචාර ධර්මවලට පටහැනි ආකාරයෙන් වැඩ සටහන් මෙහෙයවීම හේතුවෙන් රජ FM නාලිකාව තහනම් කරන ලදී.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2013-01-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු කෙහෙලිය රඹුක්වැල්ල මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks