01

E   |     |  

 දිනය: 2013-03-21   පිළිතුර ලබා දී ඇත 

2500/2013: KANTALAI SUGAR FACTORY: DETAILS

2500/’12

 

ගරු දයාසිරි ජයසේකර මහතා,— සීනි කර්මාන්ත සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      කන්තලේ සීනි කර්මාන්තශාලාව ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා දීර්ඝ කාලීන බදු ක්‍රමය යටතේ පුද්ගලික ආයෝජකයන්ට පැවරීම සඳහා 2011 වර්ෂයේ මාර්තු මාසයේදී යෝජනා / ඉල්ලුම්පත් කැඳවා තිබූ බව එතුමා දන්නෙහිද?

(ආ) (i) කන්තලේ සීනි කර්මාන්තශාලාව මේ වන විට පුද්ගලික ආයෝජකයෙකුට පවරා තිබේද;

(ii) එසේ නම්, එම පැවරීම සිදුකළ දිනය හා පැවරූ ආයතනය, සමාගම හෝ ආයෝජකයා කවරේද;

(iii) එම පැවරීම සිදුකළ මිල කොපමණද;

(iv) එම කර්මාන්තශාලාව පැවරීමේ කොන්දේසි කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) මේ වන විට එම කර්මාන්තශාලාවේ සීනි නිෂ්පාදනය ආරම්භ කිරීමට පියවර ගෙන තිබේද;

(ii) අපේක්ෂිත දෛනික නිෂ්පාදන ධාරිතාවය  කොපමණද;

(iii) දැනට නිෂ්පාදන කටයුතු ආරම්භ කර නොමැති නම්, ඊට හේතු කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-03-21

අසන ලද්දේ

ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

සීනි කර්මාන්ත සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා

(மாண்புமிகு லக்ஷ்மன் செனெவிரத்ன)

(The Hon. Lakshman  Senewiratne)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ඒ ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.

(අ)   ඔව්.

(ආ)         (i)      නැත.

              (ii)      අදාළ නොවේ.

             (iii)      අදාළ නොවේ.

             (iv)      අදාළ නොවේ.

(ඇ)         (i)      මේ වන විට සීනි නිෂ්පාදනය කිරීමට පියවර ගෙන නොමැත.

              (ii)      අදාළ නොවේ.

             (iii)      කර්මාන්තශාලාවේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර නොමැත.  මෙම කර්මාන්තායතනය සීනි කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශයේ විෂය පථයට පත් කරන ලද්දේ 2013.02.18 දිනදීය.

(ඈ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2013-03-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks