පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2497/’12
ගරු දයාසිරි ජයසේකර මහතා,— සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) සහල් පිටි උපයෝගී කර ගනිමින් පාන්, බනිස් ඇතුළු බේකරි නිෂ්පාදන ප‍්‍රචලිත කිරීම සඳහා වර්ෂ 2005 සිට 2012 දක්වා කාලය තුළ රජය වෙන් කර ඇති මුදල වාර්ෂිකව, වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) එම නිෂ්පාදන කටයුතු සඳහා මිල දී ගෙන ඇති යන්ත‍්‍ර සූත‍්‍ර කවරේද;
(ii) එම යන්ත්ර සූත්‍රවල වටිනාකම් වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) ඒවා ලබා දී ඇති පුද්ගලයින් හෝ ආයතන කවරේද;
(iv) මේ වන විට එම යන්ත්ර සූත‍්‍රවල තත්ත්වය කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) (i) සහල් පිටි ආශ්‍රිත බේකරි නිෂ්පාදන ලබා ඇති වත්මන් ප‍්‍රගතිය කවරේද;
(ii) තිරිඟු පිටි බේකරි නිෂ්පාදන වෙනුවට සහල් පිටි බේකරි නිෂ්පාදන රට තුළ පූර්ණ වශයෙන් භාවිතය ඇති කිරීම සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට සකසා තිබේ ද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-03-20
අසන ලද්දේ
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා (සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යතුමා)
(மாண்புமிகு ஜோன்ஸ்டன் பர்னாந்து - கூட்டுறவு, உள்நாட்டு வர்த்தக அமைச்சர்)
(The Hon. Johnston Fernando - Minister of Co-operatives and Internal Trade)
ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේය.
(අ) සහල් පිටි ආශ්‍රිත බේකරි නිෂ්පාදන ව්‍යාප්ත කිරීම සඳහා මෑතකදී ව්‍යාපෘති අනුමත කර නොමැති බවත්, රජය විසින් පහත පියවර ගෙන ඇති බවත් මහා භාණ්ඩාගාරයේ ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව විසින් ලබා දී ඇති තොරතුරුවල දැක්වේ.
* මුදල් හා ක්‍රමසම්පාදන, ආර්ථික සංවර්ධන, සෞඛ්‍ය හා අධ්‍යාපන යන අමාත්‍යාංශයන්හි සහභාගිත්වයෙන් සහල් පිටි නිෂ්පාදනය හා සම්බන්ධ තාක්ෂණය කර්මාන්තකරුවන් වෙත ලබා දීමට කටයුතු කිරීම. හැම දිස්ත්‍රික්කයකටම ගිහින් කර්මාන්තකරුවන් දැනුවත් කරන වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා.
* ලංකා බැංකුවෙහි හා මහජන බැංකුවෙහි සහභාගිත්වයෙන් යුතුව 2011 වසරේදී සහල් පිටි ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තය නඟා සිටු වීම සඳහා "විස්කම්" ණය යෝජනා ක්‍රමය හඳුන්වා දීම සහ එමඟින් ව්‍යවසායකයන්ට නවීන තාක්ෂණය සහිත මෝල් ඉදි කිරීමට අවස්ථාව සලසා දීම.
* සහල් පිටි, කුරක්කන් පිටි වැනි දේශීය පිටි නිෂ්පාදන දිරි ගැන්වීම සඳහා ආනයනික තිරිඟු පිටි කිලෝග්‍රෑම් එකකට රුපියල් 20ක සෙස් බද්දක් 2012.06.27 සිට බලපැවැත්වෙන පරිදි පැනවීම.
* 2009 පෙබරවාරි මස 03වන දිනැති 9/1587 දරන ගැසට් නිවේදනය අනුව තිරිඟු පිටි සඳහා වන තීරු බද්ද තිරිඟු පිටි කිලෝග්‍රෑම් එකකට රුපියල් 10ක් ලෙස තීරණය කිරීම.
* පාසල් ආශ්‍රිත ආපන ශාලාවල සහල් පිටි ආශ්‍රිත බේකරි නිෂ්පාදන අළෙවි කිරීමට උපදෙස් දෙමින් අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් අංක 2011/03 දරන 2011.01.18 දිනැති චක්‍රලේඛය නිකුත් කිරීම.
ජාතික අය වැය දෙපාර්තමේන්තුව විසින් ලබා දී ඇති තොරතුරු අනුව 2009-2011 කාලය තුළ සහල් පරිභෝජනය වතු අංශයේ ජීවත් වන ජනතාව අතර ප්‍රචලිත කිරීම සඳහා ඒකාබද්ධ අරමුදලින් රුපියල් මිලියන 14.65ක් වැය කර ඇත. [බාධා කිරීමක්] තවම පිළිතුරු දීලා ඉවර නැහැ, ගරු මන්ත්‍රීතුමා. පොඩ්ඩක් අහගෙන ඉන්න. [බාධා කිරීමක්] ඒකත් කියන්නම්. අහපු එකට විතරක් පිළිතුරු දුන්නාම ඔබතුමන්ලා වෙන මතයක් ගොඩ නඟා ගන්නවා. අපි කරපු වැඩ ටිකත් කියන්න ඕනෑ.
පිළිතුරු දුන් දිනය
2013-05-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks