01

සි   |     |  

 Date: 2013-03-20   Answered 

2497/2013: POPULARIZING OF RICE FLOUR BAKERY PRODUCTS : MONEY ALLOCATED

2497/’12

Hon. Dayasiri Jayasekara,— To ask the Minister of Co-operatives and Internal Trade,—

(a) Will he state separately, the amount of money allocated annually by the government from the year 2005 to 2012 for popularizing bakery products using rice flour including bread and buns ?

(b) Will he state—

(i) the machinery purchased for the aforesaid production ;

(ii) separately, the value of each machinery;

(iii) the individuals or institutions to whom they have been handed over; and

(iv) the present status of such machinery ?

(c) Will he inform this House—

(i) of the current progress regards the rice flour based bakery products; and

(ii) whether necessary arrangements have been made by now to cause the full use of rice flour based bakery products instead of wheat flour based bakery products in the country ?

(d) If not, why ?

 

Asked Date

2013-03-20

Asked by

Hon. Dayasiri Jayasekara, Attorney at Law, M.P.

Ministry

Co-operatives and Internal Trade

Legislature

Seventh Parliament of the D.S.R. of Sri Lanka

Session

First Session

Question History

Answer

ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා (සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යතුමා)

(மாண்புமிகு ஜோன்ஸ்டன் பர்னாந்து - கூட்டுறவு, உள்நாட்டு வர்த்தக அமைச்சர்)

(The Hon. Johnston Fernando - Minister of Co-operatives and Internal Trade)

ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේය.

(අ)       සහල් පිටි ආශ්‍රිත බේකරි නිෂ්පාදන ව්‍යාප්ත කිරීම සඳහා මෑතකදී ව්‍යාපෘති අනුමත කර නොමැති බවත්, රජය විසින් පහත පියවර ගෙන ඇති බවත් මහා භාණ්ඩාගාරයේ ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව විසින් ලබා දී ඇති තොරතුරුවල දැක්වේ.

* මුදල් හා ක්‍රමසම්පාදන, ආර්ථික සංවර්ධන, සෞඛ්‍ය හා අධ්‍යාපන යන අමාත්‍යාංශයන්හි සහභාගිත්වයෙන් සහල් පිටි නිෂ්පාදනය හා සම්බන්ධ තාක්ෂණය කර්මාන්තකරුවන් වෙත ලබා දීමට කටයුතු කිරීම. හැම දිස්ත්‍රික්කයකටම ගිහින් කර්මාන්තකරුවන් දැනුවත් කරන වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා.

* ලංකා බැංකුවෙහි හා මහජන බැංකුවෙහි සහභාගිත්වයෙන් යුතුව 2011 වසරේදී සහල් පිටි ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තය නඟා සිටු වීම සඳහා "විස්කම්" ණය යෝජනා ක්‍රමය හඳුන්වා දීම සහ එමඟින් ව්‍යවසායකයන්ට නවීන තාක්ෂණය සහිත මෝල් ඉදි කිරීමට අවස්ථාව සලසා දීම.

* සහල් පිටි, කුරක්කන් පිටි වැනි දේශීය පිටි නිෂ්පාදන දිරි ගැන්වීම සඳහා ආනයනික තිරිඟු පිටි කිලෝග්‍රෑම් එකකට රුපියල් 20ක සෙස් බද්දක් 2012.06.27 සිට බලපැවැත්වෙන පරිදි පැනවීම.

* 2009 පෙබරවාරි මස 03වන දිනැති 9/1587 දරන ගැසට් නිවේදනය අනුව තිරිඟු පිටි සඳහා වන තීරු බද්ද තිරිඟු පිටි කිලෝග්‍රෑම් එකකට රුපියල් 10ක් ලෙස තීරණය කිරීම.

* පාසල් ආශ්‍රිත ආපන ශාලාවල සහල් පිටි ආශ්‍රිත බේකරි නිෂ්පාදන අළෙවි කිරීමට උපදෙස් දෙමින් අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් අංක 2011/03 දරන 2011.01.18 දිනැති චක්‍රලේඛය නිකුත් කිරීම.

ජාතික අය වැය දෙපාර්තමේන්තුව විසින් ලබා දී ඇති තොරතුරු අනුව 2009-2011 කාලය තුළ සහල් පරිභෝජනය වතු අංශයේ ජීවත් වන ජනතාව අතර ප්‍රචලිත කිරීම සඳහා ඒකාබද්ධ අරමුදලින් රුපියල් මිලියන 14.65ක් වැය කර ඇත. [බාධා කිරීමක්] තවම පිළිතුරු දීලා ඉවර නැහැ, ගරු මන්ත්‍රීතුමා.  පොඩ්ඩක්  අහගෙන ඉන්න. [බාධා කිරීමක්] ඒකත් කියන්නම්. අහපු එකට විතරක් පිළිතුරු දුන්නාම  ඔබතුමන්ලා  වෙන මතයක් ගොඩ නඟා ගන්නවා. අපි කරපු වැඩ ටිකත් කියන්න ඕනෑ.

 

 

Answered Date

2013-05-21

Answered by

Hon. Johnston Fernando, M.P.





Copyright © The Parliament of Sri Lanka.

All Rights Reserved.

Design & Developed by  TekGeeks