01

E   |     |  

 දිනය: 2013-03-19   පිළිතුර ලබා දී ඇත 

2494/2013: VISIT OF MRS. NANDA MALINI'S GROUP TO KUWAIT : SPECIAL CHECKING

2494/’12

 

ගරු දයාසිරි ජයසේකර මහතා,— විදේශ ක‍ටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       ගායන ශිල්පිනී නන්දා මාලනී මහත්මිය ඇතුළු කණ්ඩායමක් 2012.02.01 දින ක්වේට් රාජ්‍යය වෙත ගමන් කිරීමේ දී එරට ආරක්ෂක අංශවල විශේෂ පරීක්ෂාවට ලක් වී ඇති බව දන්නේද;

(ii) එසේ නම්, එවැනි පරීක්ෂාවකට ලක් කිරීමට හේතු කවරේද;

(iii) එම පරීක්ෂාවේදී සැක කටයුතු කරුණක් හෝ හෝඩුවාවක් ඇය වෙතින් හෝ ඇයගේ කණ්ඩායමෙන් හමුවී තිබේද;

(iv) ඉහත සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය පරීක්ෂණයක් සිදු කර තිබේද;

(v) ඒ සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් කරුණු විමසා තිබේද;

(vi) මෙම පරීක්ෂා කිරීම අසත්‍ය තොරතුරු මත සිදුකර ඇත්නම්, එම අසත්‍ය තොරතුරු ලබාදුන් පාර්ශ්වයන් හඳුනාගෙන තිබේද;

(vii) එසේ නම්, ඔවුන්ගේ තොරතුරු ඉදිරිපත් කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නන්දා මාලනී මහත්මියට සිදු වූ අපහසුතාවය සම්බන්ධයෙන් රජය ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-03-19

අසන ලද්දේ

ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදේශ කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු (මහාචාර්ය) ජී.එල්.පීරිස් මහතා (විදේශ කටයුතු අමාත්‍යතුමා)

(மாண்புமிகு (பேராசிரியர்) ஜீ.எல். பீரிஸ் - வெளிநாட்ட லுவல்கள் அமைச்சர்)

(The Hon. (Prof.) G.L. Peiris - Minister of External Affairs)

ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුරු මෙසේයි.

(අ)          (i)       ඔව්.

              (ii)       නොදනී. ඕනෑම විදේශිකයෙකු රටකට ඇතුළු වීමේදී ඔවුන් හා ඔවුන් ගෙනෙන බඩු බාහිරාදිය   පරීක්ෂා කිරීමේ පූර්ණ බලතල අදාළ රටෙහි ආගමන  විගමන හා  රේගු   නීතිරීති  මගින්  අදාළ බලධාරීන්ට ලබා දී තිබේ.

             (iii)       එවැන්නක් වාර්තා වී නොමැත.

             (iv)       තානාපතිවරයා, ෂේක් අබ්දුල්ලා මලික්- ගුවන් තොටුපළෙහි අපරාධ පරීක්ෂණ ප්‍රධානී හමුවී කරුණු විමසා ඇත. රටෙහි පවතින නීතිරීති අනුව ඒ සම්බන්ධයෙන් කිසිවක් ඔහු විසින්  තානාපතිවරයාට පවසා නැත.

              (v)    අදාළ නොවේ.

              (vi)    අදාළ නොවේ.

             (vii)     අදාළ නොවේ

(ආ)  නන්දා මාලනී මහත්මිය සහභාගි වී ඇත්තේ පෞද්ගලික පර්ශ්වයක් විසින් සංවිධානය කරන ලද  සංගීත සංදර්ශනයකටය.  නමුත් තානාපතිවරයා විසින් ඇයට සිදු වූ අපහසුතාව සම්බන්ධයෙන්, ඇයට හා අදාළ පාර්ශ්වයන් හට කනගාටුව ප්‍රකාශ කොට  ඇත.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2013-03-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (මහාචාර්ය) ජී. එල්. පීරිස් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks