01

E   |     |  

 දිනය: 2012-10-23   පිළිතුර ලබා දී ඇත 

2492/2012: Sand Mining - Elpitiya Divisional Secratariat Division

2492/’12

 

ගරු ගයන්ත කරුණාතිලක මහතා,— පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මගින් ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුළ වැලි ගොඩ දැමීම සඳහා බලපත්‍ර ලබාදී තිබේද;

             (ii)       එසේ නම්, ලබා දී ඇති බලපත්‍ර සංඛ්‍යාව කොපමණද;

(iii) එම බලපත්‍රලාභීන්ගේ නම් සහ ලිපිනයන් කවරේද;

 (iv) ඔවුන්ට වැලි ගොඩදැමීමට අවසර දී ඇති ස්ථාන කවරේද;

(v) අදාල බලපත්‍රලාභීන් විසින් වැලි ගොඩ දැමීමේදී අනුගමනය කළයුතු කොන්දේසි තිබේද;

(vi) එසේ නම්, ඒවා කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2012-10-23

අසන ලද්දේ

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.

අමාත්‍යාංශය

පරිසර

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks