01

E   |     |  

 දිනය: 2012-10-23   පිළිතුර ලබා දී ඇත 

2490/2012: Mrs. Y.H. Minoli - Death in Saudi Arabia

2490/’12

 

ගරු රන්ජන් රාමනායක මහතා,— විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      කොස්ගම, වයි. එච්. මිනෝලි මහත්මිය සෞදි අරාබියේ, රියාද් නගරයෙහි, අර්කා පැලස්හි සේවයේ යෙදී සිටියදී මියගොස් ඇති බව එතුමා දන්නෙහිද?

(ආ)        (i)       මිනෝලි මහත්මියගේ මරණයට හේතුව මේ වනවිට හෙලිවී තිබේද;

(ii) එම හේතුව මරණ පරීක්ෂණ වාර්තාවකින් තහවුරුවී තිබේද;

(iii) ඇයගේ මරණය වෙනුවෙන් මේ වනවිට ඇයගේ ස්වාමිපුරුෂයා ඇතුළු ඥාතීන්ට වන්දි මුදලක් හෝ කිසියම් දීමනාවක් ලබා දීමට කටයුතු කර තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2012-10-23

අසන ලද්දේ

ගරු රන්ජන් රාමනායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks