01

E   |     |  

 දිනය: 2013-02-22   පිළිතුර ලබා දී ඇත 

2488/2013: ඔයාමඩුව දැයට කිරුළ ප‍්‍රදර්ශනය : බෞද්ධ විහාරස්ථාන ප්‍රතිසංස්කරණය

2488/’12

 

ගරු දයාසිරි ජයසේකර මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)       අනුරාධපුරය, ඔයාමඩුව ප‍්‍රදේශයේ 2012 වර්ෂයේ පැවති දැයට කිරුළ ප‍්‍රදර්ශනය යටතේ,

              (i)       සංවර්ධන කටයුතු දියත්කළ දිස්ත‍්‍රික්කවල ඇති බෞද්ධ විහාරස්ථාන සංඛ්‍යාව කොපමණද;

(ii) ප‍්‍රතිසංස්කරණය කරන ලද විහාරස්ථාන සංඛ්‍යාව  කොපමණද;

(iii) එම එක් එක් විහාරස්ථානය වෙත ලබා දුන් මුදල හා සියලු විහාරස්ථාන වෙත ලබාදුන් සමස්ත මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iv) ප්‍රතිසංස්කරණය කිරීම සඳහා  ඇතුළත් කර නොගත් විහාරස්ථාන සංඛ්‍යාව කොපමණද;

(v) එම විහාරස්ථාන ප්‍රතිසංස්කරණය නොකිරීමට හේතු කවරේද;

යන්න එතුමා මෙම සභාවට  දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-02-22

අසන ලද්දේ

ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍ය කාර්යාලය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතා

(மாண்புமிகு எம்.கே.ஏ.டி.எஸ். குணவர்தன)

(The Hon. M.K.A.D.S. Gunawardana)

අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු  අමාත්‍යතුමා වෙනුවෙන් මා එම පිළිතුර සභාගත* කරනවා.

 

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

(අ) (i) විහාරස්ථාන සංඛ්‍යාව 722කි.

     (ii)     බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මඟින් විහාරස්ථාන 24ක් සඳහා ප්‍රතිපාදන ලබා දී ඇති අතර දහම් පාසල් 550ක් සංවර්ධනය කිරීමට ආධාර ලබා දී ඇත.

              බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය මඟින් විහාරස්ථාන 07ක් සඳහා ප්‍රතිපාදන ලබා දී ඇත.

   (iii)  බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මඟින් විහාරස්ථාන 24ක් සඳහා රුපියල් 2,272,930ක් ද, දහම් පාසල් 550ක් සංවර්ධනය කිරීම සඳහා රුපියල් 27,500,000ක් ද, බුද්ධ ශාසන හා ආගමික කටයුතු  අමාත්‍යාංශය මඟින් විහාරස්ථාන 07ක් සඳහා රුපියල් 66,000,000ක්ද වශයෙන් රුපියල් 95,772,930ක් ලබා දී ඇත.

විහාරස්ථාන 24ක් සඳහා ආධාර ලබා දෙන විහාරස්ථාන නාම ලේඛනයද, දහම් පාසල් 550ක් සඳහා ආධාර ලබා දෙන දහම් පාසල් නාම ලේඛනයද ඇමුණුමෙහි දක්වා ඇත. ඇමුණුම* මේ සමඟ ඉදිරිපත් කරමි.

බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය මඟින් විහාරස්ථාන 07ක් සඳහා ලබා දුන් රුපියල් 66,000,000ක මුදල ලබා දුන් විහාරස්ථාන පහත දක්වා ඇත.

අනු අංකය

විහාරස්ථානයේ නම

   මුදල (රුපියල්)

   01.

මහා විහාර බෞද්ධ මධ්‍යස්ථානය, අනුරාධපුරය

මිලියන 20ක්

   02.

ජේතවනාරාම විහාරස්ථානය, අනුරාධපුරය

මිලියන 16ක්

   03.

සම්බුද්ධත්ව ජයන්ති විහාරය, අනුරාධපුරය

මිලියන 10ක්

   04.

මිරිසවැටිය රජමහා විහාරස්ථානය, අනුරාධපුරය

මිලියන 05ක්

   05.

ඉසුරුමුණි රජමහා විහාරස්ථානය, අනුරාධපුරය

මිලියන 04ක්

   06.

අභයගිරි විහාරස්ථානය, අනුරාධපුරය

මිලියන 05ක්

   07.

ලංකාරාම විහාරස්ථානය, අනුරාධපුරය

මිලියන 06ක්

 

එකතුව

මිලියන 66ක්

 

 

 

 

 

(iv)  විහාරස්ථාන 141කි.

(v)  ප්‍රතිපාදන නොමැති වීම නිසා අනිකුත් විහාරස්ථානවලට ආධාර ලබා දීමට නොහැකි වූ අතර, මේ දක්වා ආධාර නොලැබුණු විහාරස්ථානවල සංවර්ධන කටයුතු ඉටු කිරීමට ඉදිරියේදී ආධාර ලබා දීමට කටයුතු කරනු ලැබේ.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2013-02-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks