පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
610/2024
ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා,— අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයට අනුව පැනවිය හැකි උපරිම දඬුවම මරණ දඬුවම බවත්;
(ii) මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම මේ වනවිට සිදු නොවන බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ලණු ඇතුළු අනෙකුත් ද්‍රව්‍ය සම්පාදනය කර එල්ලුම් ගහ අලුත්වැඩියා කර තිබේද;
(ii) එසේ නම්, ඒ සඳහා වැය කර ඇති මුදල කොපමණද;
(iii) අලුගෝසු තනතුර සඳහා බඳවාගැනීමට පියවර ගෙන තිබේද;
(iv) මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට එරෙහිව බාධාවන් තිබේද;
(v) එසේ නම්, එම බාධාවන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2024-03-20
අසන ලද්දේ
ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
5 වැනි සභාවාරය
ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මම සභාගත* කරනවා.
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) ඔව්
(ii) ඔව්
(ආ) (i) වැලිකඩ බන්ධනාගාරය තුළ පිහිටා ඇති එල්ලුම් ගහ අලුත්වැඩියා කර ඇත. ඊට අවශ්‍ය කඹය හා අනිකුත් ද්‍රව්‍ය බන්ධනාගාර දෙපාර්තමේන්තුව සතුව පවතී.
(ii) වැලිකඩ එල්ලුම් ගහේ දිරාපත් වූ දැව අලුත්වැඩියාව සඳහා රුපියල් 137,595.00 මුදලක් වැය කර ඇත.
(iii) ඔව්, මේ වන විට දෙදෙනෙකු මෙම තනතුර සඳහා බඳවාගෙන ඇත.
(iv) බාධාවක් නොමැත.
අතිගරු ජනාධිපතිතුමා විසින් දිනයක් හා වේලාවක් නියම කරනු ලැබුවහොත් දණ්ඩනය ක්‍රියාත්මක කළ හැක.
(v) බාධාවක් නොමැත.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2024-06-04
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ජනාධිපති නීතිඥ (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks