පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
563/2024
ගරු සංජීව එදිරිමාන්න මහතා,— අමාත්‍ය මණ්ඩලයේ සාමාජික නොවන රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) රාජ්‍ය වැවිලි සංස්ථාව සතු ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් කොපමණද;
(ii) එම ඉඩම්වල වගා කර ඇති බෝග වර්ග කවරේද;
(iii) සංස්ථාව සතු ඉඩම් අතරින් කෙටිකාලීන වගාවන් සඳහා බදු දී ඇති ඉඩම් ප්‍රමාණය කොපමණද;
(iv) එම ඉඩම් පිහිටා ඇති ප්‍රදේශ කවරේද;
(v) එම ඉඩම් බදු දීමෙන් මේ වනවිට උපයා ගෙන ඇති ආදායම කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2024-03-20
අසන ලද්දේ
ගරු සංජීව එදිරිමාන්න මහතා, පා.ම.
අමාත්‍යාංශය
අමාත්‍ය මණ්ඩලයේ සාමාජික නොවන රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
5 වැනි සභාවාරය
(අ) (i) හෙක්ටෙයාර 10,057.70කි.
(ii) 1. තේ
2. රබර්
3. පොල්
4. කරාබුනැටි
5. එනසාල්
6. වාණිජමය දැව
(iii) ඉඩම් ප්‍රමාණය අක්කර 23යි, රූඩ් 01යි, පර්චස් 1.35කි. විස්තර පහත පරිදි වේ.
|
බදුකරු |
වතුයායේ නම |
ප්‍රමාණය |
බදු දුන් දිනය |
බදු දුන් කාලය |
ව්‍යාපෘතිය |
|
සුමිකෝ ලංකා හොටෙල් (පුද්) සමාගම |
කොටගඟ රාජ්‍ය වතුයාය |
අක්. 20 රූඩ් : 01 පර්: 31.35 |
2023.07.07 |
වසර 05 (2023.07.07- 2028.07.06) |
එළවලු, පලතුරු වගා කිරීමේ ව්‍යාපෘතිය |
|
ශිවකුමාර් මහතා |
හෙයාපාර්ක් රාජ්‍ය වතුයාය |
අක්කර 03 |
2023.07.07 |
වසර 03 (2023.07.07- 2026.07.06) |
තෘණ වගා කිරීමේ ව්‍යාපෘතිය |
(iv) Ø කොටගඟ රාජ්‍ය වතුයාය - රංගල
Ø හෙයාපාර්ක් රාජ්‍ය වතුයාය - හුන්නස්ගිරිය
(v) මුළු ආදායම රු. 704, 000ක් වේ.
|
බදුකරුගේ නම |
2023 වර්ෂයේ බදු ආදායම (රු.) |
මුළු බදු ආදායම (රු.) |
|
සුමිකෝ ලංකා හොටෙල් පුද්ගලික සමාගම |
656,000 |
656,000 |
|
ශිව කුමාර් මහතා |
48,000 |
48,000 |
|
එකතුව |
704,000 |
704,000 |
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2024-05-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු රංජිත් සියඹලාපිටිය මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks