පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
509/2024
ගරු රෝහණ බංඩාර මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වර්ෂ 2010 සිට මේ දක්වා ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයට විවෘත හා සීමිත තරඟ විභාග යටතේ බඳවාගන්නා ලද නිලධාරින් සංඛ්‍යාව එක් එක් වර්ෂය අනුව;
(ii) එම එක් එක් නිලධාරියාගේ නම, ලිපිනය සහ වර්තමාන සේවා ස්ථානය;
(iii) ඉහත නිලධාරින් අතරින් වර්ෂ 2018 සිට මේ දක්වා ස්ථාන මාරුවීම් සඳහා අයදුම්පත් ඉදිරිපත් කර ඇති නිලධාරින් සංඛ්‍යාව, එම එක් එක් නිලධාරියාගේ නම, ලිපිනය සහ සේවා ස්ථානය;
(iv) ඉහත (iii)හි සඳහන් නිලධාරින් අතරින් මේ දක්වා ස්ථාන මාරුවීම් ලබා ඇති සහ ස්ථාන මාරුවීම් ලබා නොමැති නිලධාරින් සංඛ්‍යාව, එම එක් එක් නිලධාරියාගේ නම සහ සේවා ස්ථානය;
වෙන් වෙන් වශයෙන් කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) ශ්‍රී ලංකා විදුහල්පති සේවය, ශ්‍රී ලංකා ගුරු සේවය වැනි සේවාවල මෙන් සාධාරණ ස්ථාන මාරු ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය සඳහා ක්‍රියාත්මක කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2024-03-06
අසන ලද්දේ
ගරු රෝහණ බංඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
5 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(i)
|
අනු අංකය |
නිලධාරින් බඳවා ගනු ලැබූ වර්ෂය |
නිලධාරින් බඳවා ගනු ලැබූ සංඛ්‍යාව |
|
|
|
|
විවෘත ධාරාව |
සීමිත ධාරාව |
|
01 |
2010 |
66 (ඇමුණුම 01)** |
180 (ඇමුණුම 04)** |
|
02 |
2012/2013 |
138 (ඇමුණුම 02)** |
168 (ඇමුණුම 05)** |
|
03 |
2015/2016 |
195 (ඇමුණුම 03)** |
429 (ඇමුණුම 06)** |
(ii) එම එක් එක් නිලධාරියාගේ නම, ලිපිනය සහ වර්තමාන සේවා ස්ථානය ඇමුණුම් 01, 02, 03, 04, 05, 06 යටතේ දක්වා ඇත.
(iii)
|
වර්ෂය |
ස්ථාන මාරුවීම් සඳහා අයදුම්පත් ඉදිරිපත් කර ඇති නිලධාරින් සංඛ්‍යාව |
|
2018 |
132 |
|
2019 |
108 |
|
2020 |
101 |
|
2021 |
89 |
|
2022 |
159 |
|
2023 |
146 |
(iv) ඉහත (iii) හි සඳහන් නිලධාරින් අතරින් මේ දක්වා ස්ථාන මාරුවීම් ලබා ඇති සහ ස්ථාන මාරුවීම් ලබා නොමැති නිලධාරින් සංඛ්‍යාව, එම එක් එක් නිලධාරියාගේ නම සහ සේවා ස්ථානය වෙන් වෙන් වශයෙන් ඇමුණුම 07 යටතේ මේ සමඟ ඉදිරිපත් කර ඇත.
(ආ) ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද ස්ථාන මාරු පටිපාටියක් ඇත. ඒ අනුව ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ ස්ථානමාරු පටිපාටිය (I, II හා III ශ්‍රේණි) අමාත්‍යාංශ චක්‍රලේඛ අංක 32/2022 මඟින් 2022.09.07 දිනැතිව අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවියේ ප්‍රසිද්ධියට පත් කර ඇත. ඇමුණුම 08** බලන්න.
ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරින් ස්ථාන මාරු ඉල්ලුම් කරමින් අයදුම් පත් 243ක් යොමු කර ඇති අතර ඒ අනුව ස්ථාන මාරු නියෝග 2023.03.27 දින අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළ කර ඇති අතර වාර්ෂික ස්ථාන මාරු සමාලෝචන කමිටු තීරණ හා රාජ්‍ය සේවා කොමිෂන් සභාවට ඉදිරිපත් කරන ලද අභියාචනා තීරණවලින් පසුව නිලධාරීන් 59ක් සඳහා ස්ථාන මාරුවීම් ලබා දී ඇත. මෙම ස්ථාන මාරු 2024.01.01 දින සිට ක්‍රියාත්මක කර ඇති අතර 2024/2025 වර්ෂයට අදාළ වාර්ෂික ස්ථාන මාරු චක්‍රලේඛය 2024 ජූනි මාසයේදී නිකුත් කිරීමට නියමිතය. ඇමුණුම 09** බලන්න.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2024-05-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks