පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2467/’12
ගරු රවී කරුණානායක මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) සහනාධාර පදනම මත පොහොර ලබා දෙන්නේ කවුරුන් හටද;
(ii) සහනාධාර පදනම මත එක් ගොවියෙකුට ලබා දෙන පොහොර ප්‍රමාණය කොපමණද;
(iii) සහනාධාර මත ලබාදෙන පොහොර ලබාගැනීම සඳහා ඉල්ලුම් කිරීමට ගොවියෙකු අනුගමනය කළ යුතු ක්‍රියාදාමය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) පොහොර සහනාධාරය ලබාදීම පිණිස 2010, 2011 සහ 2012 වර්ෂයන් තුළ සත්‍ය වශයෙන් වැයකළ මුදල් ප්‍රමාණයන් දිස්ත්‍රික් පදනමින්, වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) එම සහනාධාරය සඳහා සත්‍ය වශයෙන් ගෙවීම් සිදුකිරීම සඳහා අවශ්‍යවන මුදල් ප්‍රවාහය කවරේද;
(iii) ඉහත කී වර්ෂයන්හි අයවැය ලේඛනවලින් පොහොර සහනාධාරය සඳහා වෙන් කිරීමට යෝජනා කරන ලද මුදල් ප්‍රමාණයන් කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-02-20
අසන ලද්දේ
ගරු රවී කරුණානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) සියලුම ගොවීන්ට. එහිදී,
1. වී නිෂ්පාදනය කරන ගොවීන්ට කිලෝග්‍රෑම් 50ක පොහොර මිටියක් රුපියල් 350.00 බැගින්ද
2. වී හැර වෙනත් බෝග නිෂ්පාදනය කරන ගොවීන්ට කිලෝග්‍රෑම් 50ක පොහොර මිටියක් රුපියල් 1200.00 බැගින්ද
3. විශේෂ පොහොර මිශ්‍රණ භාවිත කරන ගොවීන්ට කිලෝග්‍රෑම් 50ක පොහොර මිටියක් රුපියල් 1300.00 බැගින්ද ලබා දේ.
(ii) පොහොර ලබා දීමේදී පොහොර ලබා ගන්නා පුද්ගලයා නොව ඔහු වගා කරන භූමි ප්‍රමාණය පදනම් කරගෙන සහනාධාර පොහොර නිකුත් කරයි. එහිදී එක් එක් බෝගයට අදාළ පොහොර නිර්දේශය පදනම් කර ගනිමින් පොහොර අවශ්‍යතාව ගණනය කරයි.
(iii) වී පොහොර සහනාධාර ලබා ගැනීමේදී අදාළ ගොවියා විසින්, තම බල ප්‍රදේශයේ ගොවිජන සේවා මධ්‍යස්ථානයෙන් නිකුත් කරනු ලබන පොහොර ඉල්ලුම් පත්‍රය, තමන් සාමාජිකත්වය දරන ගොවි සංවිධානයේ නිර්දේශය සහිතව කුඹුර පිහිටි වසමේ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරි වෙත ඉදිරිපත් කළ යුතුය. අදාළ ඉල්ලුම් පත්‍රයට ඔහුගේ නිර්දේශය ලැබුණු පසු එය ගොවිජන සේවා මධ්‍යස්ථානයට ඉදිරිපත් කිරීමෙන් තම කුඹුරු ඉඩමට හිමි සහනාධාර පොහොර ප්‍රමාණය ලබා ගත හැකි වේ.
වී හැර වෙනත් කෘෂි භෝග සඳහා සහනාධාර පොහොර ගොවිජන සේවා මධ්‍යස්ථානවලින් හෝ විවෘත වෙළෙඳ පොළේ පොහොර අළෙවිකරුවන් මඟින් හෝ ලබාගත හැකි වේ.
(ආ) (i) පොහොර සහනාධාර ලබා දීමේදී 2010, 2011, 2012 වර්ෂවලදී සත්‍ය වශයෙන් වැය කළ මුදල් පහතින් දැක්වේ.
2010 වර්ෂයේදී රුපියල් මිලියන 22,277.70 යි.
ඒ වර්ෂයේදී වී සඳහා පමණයි සහනාධාර දීලා තිබෙන්නේ.
2011 වර්ෂයේදී රුපියල් මිලියන 29,801.82
2012 වර්ෂයේදී රුපියල් මිලියන 36,456.04
2010, 2011 සහ 2012 වර්ෂයන් තුළ සත්‍ය වශයෙන් වැය කළ මුදල් ප්‍රමාණයන් දිස්ත්‍රික් පදනමින් පහත දක්වා ඇත.
වී නොවන අනෙකුත් භෝග සඳහා ගෙවීම් සිදු කිරීම වෙනුවෙන් අවශ්‍ය මුදල් ප්‍රවාහය පහත පරිදි වේ.
2010 වර්ෂයේදී වෙනත් භෝග සඳහා පොහොර සහනාධාරය ක්‍රියාත්මක වූයේ නැත.
2011 වර්ෂයේදී රුපියල් මිලියන 15,382.00
2012 වර්ෂයේදී රුපියල් මිලියන 11,967.00
(ii) පොහොර සහනාධාර සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රතිපාදනයක් ලෙස අය වැයෙන් වෙන් කරන ලද මුදල් මහා භාණ්ඩාගාරයේ ඇති අතර, පොහොර ආනයනය කරන සමාගම් විසින් ආනයනික තොරතුරු ජාතික පොහොර ලේකම් කාර්යාලය මඟින් භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවට ලබා දුන් පසුව අදාළ මුදල් සමාගම් වෙත නිකුත් කරනු ලැබේ.
(iii) වර්ෂ 2010 දී රුපියල් මිලියන 30,000.00
වර්ෂ 2011 දී රුපියල් මිලියන 20,000.00
වර්ෂ 2012 දී රුපියල් මිලියන 33,800.00
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2013-12-18
විසින් පිළිතුරු දෙන ලදී
ගරු වයි.ජී. පද්මසිරි මහතා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks