01

E   |     |  

 දිනය: 2024-06-18   පිළිතුර ලබා දී ඇත 

0380/2024: ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඇණවුම් කරන ඉන්ධන තොග ගොඩබෑම: විස්තර

----

අසන ලද දිනය

2024-06-18

අසන ලද්දේ

ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල හා බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු කථානායකතුමනි, විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙනවා.

(අ)          (i)      මුතුරාජවෙල පර්යන්තය සඳහා SPBM - Single Point Bony Mooring - II නළ මාර්ග මඟින්.

                        කොළොන්නාව පර්යන්තය සඳහා DTB - Dolphin Tanker Berth - නළ මාර්ගය මඟින්.

              (ii)      මුතුරාජවෙල පර්යන්තයට නළ මාර්ග දෙකකි. (පෙට්‍රල් 92 හා ඔටෝ ඩීසල් සඳහා)

කොළොන්නාව පර්යන්තයට නළ මාර්ග තුනකි. (පෙට්‍රල්, ඩීසල්, Jet A-I/ Naphtha සඳහා නළ දෙකක් හා කළු/දැවි තෙල් - furnace oil - සඳහා එක් නළයක්.)

(iii) ඔව්.

(iv) ඇස්තමේන්තු මුදල රුපියල් මිලියන 2,852කි.

ව්‍යාපෘතිය

කොළොන්නාවේ සිට කොළඹ සේරම් ගේට්ටුව දක්වා දැනට පවතින විෂ්කම්භය අඟල් 10ක් සහිත නළ මාර්ගය, අඟල් 18ක විෂ්කම්භය සහිත නව නළ මාර්ගයෙන් ප්‍රතිස්ථාපනය කිරීම හා දකුණු ජැටියේ සිට කොළඹ වරාය තුළට දිවෙන අඟල් 10ක විෂ්කම්භය සහිත නළ මාර්ගය අඟල් 12ක විෂ්කම්භය සහිත නල මාර්ගයක් ලෙසින් ප්‍රතිස්ථාපනය කිරීම.

(v) නළ පද්ධතිය කාර්යක්ෂම වන විට,

තෙල් වර්ගය

ගත වන කාලය

පිරිසිදු කළ සුදු තෙල් මෙට්‍රික් ටොන් 35,000 හා 40,000 අතර නැවක්

පැය 96              (දින 4)

කළුතෙල් - furnace oil - මෙට්‍රික් ටොන් 30,000ක නැවක්

පැය 120 (දින 5)

බොරතෙල් මෙට්‍රික් ටොන් 90,000ක නැවක්

පැය 36             (දින 3)

නළ පද්ධතියේ දෝෂයක් පවතින අවස්ථාවක ඉන්ධන නෞකාවක් ගොඩබෑම සඳහා ගත වන කාලය දෝෂයේ ස්වභාවය, ප්‍රමාණය හා එය යථා තත්ත්වයට පත් කිරීමට ගත වන කාලය ආදී කරුණු මත රඳා පවතී.

(ආ) (i) වසරකදී ඇණවුම් කරනු ලබන ඉන්ධන නැව් සංඛ්‍යාව එක් එක් වර්ෂයේදී ඉන්ධන සඳහා පවතින ඉල්ලුම මත රඳා පවතී. ඒ අනුව පසුගිය වසර පහ තුළ ශ්‍රී ලංකාව විසින් ඇණවුම් කරන ලද ඉන්ධන නැව් සංඛ්‍යාව පහත පරිදි වේ.

වර්ෂය

පිරිපහදු කළ ඉන්ධන නැව් සංඛ්‍යාව

බොර තෙල් නැව් සංඛ්‍යාව

2024 ජනවාරි සිට මැයි දක්වා

15

08

2023

53

18

2022

75

8

2021

100

13

2020

89

18

2019

94

20

 

 

 

 

 

 

 

 

තවද, 2024 වර්ෂයේ පළමු මාස 5 දක්වා පිරිපහදු කළ ඉන්ධන නැව් සංඛ්‍යාව සැලකිය යුතු ලෙස අඩු වී ඇති අතර, එය ප්‍රධාන ලෙසම දෛනික ඩීසල් හා පෙට්‍රල් පරිභෝජනය පසුගිය වසරවලට වඩා අඩු වීම හේතු වී ඇති අතර එසේ පරිභෝජනය අඩු වීමට බලපෑ ප්‍රධාන සාධක අතර පසුගිය වර්ෂයේ අවසන් කාලයේ ජලාශ ප්‍රදේශවලට ලැබූ අධික වර්ෂාවත් සමගම ජල විදුලි නිෂ්පාදන ඉහළ යාමත් නිසා ලංකා විදුලිබල මණ්ඩලයේ ඩීසල් සඳහා වන ඉල්ලුම පහළ යෑමත්, ඉන්ධන මිල ගණන් ඉහළ යාම නිසා විවිධ කර්මාන්තශාලාවලින් තිබූ ඉල්ලුම අඩු වීම හා ඛනිජ තෙල් වෙළඳ පොළට නව තරගකරුවන් පිවිසීමත් සමගම ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව පැවති වෙළඳ පොළින් කොටසක් නව තරගකරුවන් අත්කර ගැනීම ආදී කරුණු හේතු වී ඇත.

(ii) එක් දිනයකදී ගෙවිය යුතු නැව් ප්‍රමාද ගාස්තුව, නැව, නැවෙහි ප්‍රමාණය, ධාරිතාව, කාලය සැපයුම්කරු ආදී කරුණු අනුව නැවෙන් නැවට වෙනස් වේ. පසුගිය වසර දෙක තුළදී අවම හා උපරිම ප්‍රමාද ගාස්තුව පහත පරිදි වේ.

වර්ෂය

පිරිපහදු කළ ඉන්ධන නැව් සඳහා සැපයුම්කරුවන් විසින් ලබා දී තිබු නැව් ප්‍රමාද ගාස්තු අගයන්

බොර තෙල් නැව් සඳහා සැපයුම්කරුවන් විසින් ලබා දී තිබු නැව් ප්‍රමාද ගාස්තු අගයන්

2023

අවම ඇ.ඩො. 30,000 උපරිම ඇ.ඩො. 60,000

අවම ඇ.ඩො. 28,000 උපරිම ඇ.ඩො. 90,000

2022

අවම ඇ.ඩො. 18,000 උපරිම ඇ.ඩො. 60,000

අවම ඇ.ඩො. 20,000 උපරිම ඇ.ඩො. 120,000

 

 

 

 

 

 

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2024-06-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks