පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
366/2024
ගරු ගයන්ත කරුණාතිලක මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2015 වර්ෂයේ සිට මේ දක්වා ‘හඳුනා නොගත්’ වකුගඩු රෝගය වැළඳී ඇති රෝගීන් සංඛ්‍යාව එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) වකුගඩු රෝගීන් බහුල වශයෙන් වාර්තා වන දිස්ත්‍රික්ක සහ එම එක් එක් දිස්ත්‍රික්කයෙන් වාර්තා වන වකුගඩු රෝගීන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) වකුගඩු රෝගීන් වාර්තා වන අනෙකුත් දිස්ත්‍රික්ක සහ එම එක් එක් දිස්ත්‍රික්කයෙන් වාර්තා වන වකුගඩු රෝගීන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) වකුගඩු රෝගියකු සඳහා රජය විසින් ලබා දෙනු ලබන මාසික දීමනාව කොපමණද;
(ii) මේ වනවිට එම දීමනාව ලබන වකුගඩු රෝගීන් සංඛ්‍යාව කොපමණද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2024-03-19
අසන ලද්දේ
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
5 වැනි සභාවාරය
(අ) (i) 2015 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා දිගු කාලීන වකුගඩු රෝගය වැලඳී ඇති රෝගීන් සංඛ්‍යාව (මෙහිදී "හඳුනා නොගත්" වකුගඩු රෝගීන් ලෙස ඔවුන් බෙදා දැක්වීම අපහසු ය.)
|
වර්ෂය |
රෝගීන් සංඛ්‍යාව |
|
2023 |
72,547 |
|
2022 |
67,706 |
|
2021 |
65,453 |
|
2020 |
63,964 |
|
2019 |
59,283 |
|
2018 |
50,310 |
|
2017 |
43,835 |
|
2016 |
37,817 |
|
2015 |
30,657 |
ගරු ගයන්ත කරුණාතිලක මන්ත්‍රීතුමනි, මේ සමස්ත එකතුවේ, වාර්ෂිකව 3,000ක විතර වැඩි වීමක් තිබෙනවා. මෙහිදී හඳුනා නොගත් වකුගඩු රෝගීන් ලෙස බෙදා වෙන් කිරීම අපහසුයි. සමස්ත රෝගීන් ගණන තමයි, අපි මෙහි ඉදිරිපත් කරලා තිබෙන්නේ.
(ii), (iii)
ශ්‍රී ලංකාව පුරා දිස්ත්‍රික්ක වශයෙන් දිගු කාලීන වකුගඩු රෝගීන්ගේ ව්‍යාප්තිය (2022 ජුනි වන විට) - තවදුරටත් මෙම දත්ත යථාවත් කරමින් පවතී.
|
අංකය |
දිස්ත්‍රික්කය |
සංඛ්‍යාව |
|
1 |
අනුරාධපුරය |
25,508 |
|
2 |
පොළොන්නරුව |
13,841 |
|
3 |
කුරුණෑගල |
5,602 |
|
4 |
බදුල්ල |
2,829 |
|
5 |
වවුනියාව |
2,663 |
|
6 |
මාතලේ |
2,894 |
|
7 |
මහනුවර |
3,100 |
|
8 |
අම්පාර |
1,230 |
|
9 |
ත්‍රිකුණාමලය |
1,338 |
|
10 |
මොනරාගල |
1,361 |
|
11 |
පුත්තලම |
1,220 |
|
12 |
හම්බන්තොට |
530 |
|
13 |
මුලතිව් |
519 |
|
14 |
මන්නාරම |
59 |
|
15 |
කිලිනොච්චිය |
393 |
|
16 |
රත්නපුරය |
489 |
|
17 |
යාපනය* |
1,856 |
|
18 |
කොළඹ* |
3,793 |
|
19 |
ගම්පහ* |
1,409 |
|
20 |
කළුතර* |
2,000 |
|
21 |
ගාල්ල* |
2,800 |
|
22 |
මාතර* |
688 |
|
23 |
මඩකලපුව* |
403 |
|
24 |
නුවරඑළිය* |
1,519 |
|
25 |
කෑගල්ල* |
430 |
(*2023 දෙසැම්බර් වන විට දළ අගය)
සමස්ත රෝගීන්ගේ එකතුව තමයි 72,000ක් කියා මුලින් සඳහන් කර තිබෙන්නේ.
(ආ) (i) පෙර පැවති රුපියල් 5,000ක් වූ වකුගඩු රෝගී දීමනාව 2024.04.01 දින සිට රුපියල් 7,500කි.
(ii) රෝගීන් 19,247කි.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2024-05-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks